පැය 10ක ජල කප්පාදුවක්.

Colombo Water Cut Water Board Water
By krishani Mar 24, 2023 03:40 AM GMT
Report

හෙට (25) කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට ජල කප්පාදුවක් සිදුකරන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ හෙට උදෑසන 11 සිට රාත්‍රී 9 දක්වා පැය 10ක කාලයක් ය.

ඒ අනුව කොළඹ, දෙහිවල ගල්කිස්ස, ශ්‍රී ජයවර්ධනපුර කෝට්ටේ සහ කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශවලටත් මහරගම, බොරලැස්ගමුව හා කොළොන්නාව නගරසභා බල ප්‍රදේශවලටත් කොටිකාවත්ත සහ මුල්ලේරියාව යන ප්‍රාදේශීය සභා බල ප්‍රදේශවලටත් රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලටත් මෙලෙස ජල සැපයුම අත්හිටුවනු ලබයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join