ප්‍රදේශ රැසකට ජල සැපයුම අත්හිටුවයි..වෙලාවන් සහ එම ප්‍රදේශ මෙන්න..

Colombo Water Cut
By Aruna Jul 22, 2022 04:18 AM GMT
Report

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ අලුත්වැඩියාවක් කොළඹ ප්‍රදේශ කිහිපයකට ලබන 23 වැනිදා පැය 07 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර තිබෙනවා.

ඒ කොළඹ 07,08,09 සහ 10 යන ප්‍රදේශවලටයි.

ජුලි මස 23 දා රාත්‍රී 11.00 සිට ජුලි මස 24 දා පෙරවරු 6.00 දක්වා මෙලෙස ජල කප්පාදුව සිදුවනු ඇත.

සම්ප්‍රේෂණ ජලනල පද්ධතියේ සිදුකරනු ලබන අලුත්වැඩියාවක් නිසා මෙම ජල කප්පාදුව සිදුකරන බවටයි ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කලේ.

අදාල නිවේදනය පහතින් බලන්න.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් WhatsApp,වෙත පිවිසෙන්න.... 
Join now


Gallery