විදුලි බිල ඉහළ යාමත් සමග ජල බිලට සිදුවන දේ..

Jeevan Thondaman Water Board
By Sewvandhi Feb 19, 2023 02:15 PM GMT
Report

විදුලි බිල ඉහළ දැමීම හේතුවෙන් ජල ගාස්තුවද ඉහළ දැමීමට සිදුව ඇති බව ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය, ජීවන් තොණ්ඩමාන් මහතා ප්‍රකාශ කර තිබෙනවා. ඊට ප්‍රධානතම හේතුව බොහෝ ජල ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලයෙන් වීම බවයි ඔහු ප්‍රකාශ කර ඇත්තේ.

අද (19)  මාතලේ නගර ශාලාවේදී පැවැති ජනහමුවකට එක් වෙමිනුයි අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ. එහිදී අදහස් දැක්වූ ජල සම්පාදන හා වතු යටිතල පහසුකම් අමාත්‍ය, ජීවන් තොණ්ඩමාන්.

රටේ විදුලිය ගාස්තු වැඩි වෙලා. ඒ නිසා ළගදීම ජල ගාස්තුත් වැඩි වේවී. මොකද බොහෝ ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක වන්නේ විදුලි බලය උපයෝගි කරගෙනයි. මේ නිසා ජලසම්පාදන කටයුතුවල වියදම් වැඩි වෙලා තියෙන්නේ. එම නිසා අකමැත්තෙන් වුවද ජල ගාස්තුවත් ළගදීම වැඩි කරන්න සිදු වේවී. පවතින තත්ත්වය තුළ රටේ ජනතාව මුහුණ දෙන දුෂ්කතරතාවය අපිට වැටහෙනවා.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුම් අත්සන් කිරීමෙන් අනතුරුව සුර්ය බලයෙන් ජල සම්පාදන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමට සැළැසුම් සකස් කරනවා. එමගින් පිරිවැය අඩුවෙනවා. ඊට පසු ජල ගාස්තුවද අඩු කළ හැකියි. රට තුළ අධ්‍යාපනය, සෞඛ්‍ය ඇතුළු අත්‍යවශ්‍ය සේවාවන් බාධාවකින් තොරව නොමිලේ ලබාදීමට නම් රජයට ආදායම් අවශ්‍යයි.

එවැනි අර්බුද නිසා බදු වැඩි කරනවා. එබැවින් රට සහ අනාගත පරපුර වෙනුවෙන් නියමිත කාලසීමාව තුළ ඉවසීමෙන් කටයුතු කරන ලෙස ජනතාවගෙන් මම ඉල්ලා සිටිනවා. රටේ වත්මන් තත්ත්වය තිරසාර නැතත් අත්‍යවශ්‍ය භාණ්ඩවල මිළ අඩු කිරීමට රජය පියවර ගන්නවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now