මෝලක හදිසියේම ගින්නක් - ගින්නෙන් දැඩි හානී..(PHOTOS)

Kalutara Sri Lanka Accident
By Sewvandhi Jul 28, 2022 03:57 AM GMT
Report

වස්කඩුවේ ලී මෝලක මධ්‍යම රාත්‍රියේ හටගත් ගින්නකින් විදෙස් රටවලට ආනයනය කිරීමට සූදානම් කරන පැලට් ලෑලි විශාල ප්‍රමාණයක් විනාශ වී ඇතැයි කළුතර උතුර පොලිසිය පවසයි.

වස්කඩුව ගාලුපාරේ නිවසක් පිටුපස පවත්වාගෙන යන ලී මෝලේ ලී පදම් කරන බොයිලේරුව සහිත කොටසේ ගින්න හටගෙන ඇත.

සිද්ධිය සැලවීමත් සමගින් කළුතර නගර සභාවේ ගිනි නිවන භටයන් හය දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් පැමිණ විනාඩි 45 ක් වැනි කාලයකදී ගින්න පාලනය කලද එහි ගබඩා කර තිබූ පැලට් ලෑලි සියල්ල විනාශවී ඇති අයුරු දැකගත හැකිවිය.

ගින්නට හේතුව නිශ්චිත වශයෙන් සදහන් කළ නොහැකි බව කළුතර නගර සභා ගිනි නිවන ඒකකය සදහන් කරන අතර , හානිය මෙතෙක් ගනන් බලා නොමැත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


GalleryGalleryGallery