විරෝධතාවයේදි වසන්ත මුදලිගේ ඇතුළු පනස් හත් දෙනෙකුත් අත්අඩංගුවට

By Sithumi Feb 23, 2023 12:32 PM GMT
Report

විරෝධතාවයක් අතරතුරදී වසන්ත මුදලිගේ ඇතුළු 57 දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් පිරිස අතර ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලා 48ක් ද සිටින බව අප වාර්තාකරු පැවසුවා.

මෙලෙස අත්අඩංගුවට ගෙන තිබෙන්නේ අධ්‍යාපන අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වීමේ චෝදනාව යටතේ අන්තර් විශ්ව විද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ ශිෂ්‍ය භික්ෂූන් වහන්සේ ඇතුළු පිරිසයි. 

 අමාත්‍යංශ පරිශ්‍රයට බලහත්කාරයෙන් ඇතුළු වූ පිරිස බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ අධ්‍යයන කටයුතු යළි ආරම්භ කරන ලෙස හා අත්අඩංගුවට ගෙන ඇති ශිෂ්‍ය ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස බල කරමින් විරෝධතාවයේ  නිරතවුණා.