"..රනිල් හරියටම පාඩමක් ඉගෙන ගන්නේ මේ පාර තමයි.."
Ranil Wickremesinghe
Janatha Vimukthi Peramuna
Sri Lankan political crisis
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
" රනිල් වික්‍රමසිංහ මහතා ජනතාවගෙන් පාඩම් ඉගෙන ගන්නේ මේ පාර තමයි" යැයි ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභික වසන්ත සමරසිංහ මහතා පැවසීය.
අරගලය අල කිරීමට විවිධ කණ්ඩායම් රිංගවා සිටින බව සත්‍යයක් යැයි පැවසූ හෙතෙම අරගල භූමියේ කතා කරමින් සිටියදී තමාට බාධා කළේද රනිල්ගේ හෙංචයියෙකු බව සඳහන් කළේය.
මහින්දගේ ආරක්ෂාව වෙනුවෙන් අද පොහොට්ටුව අලියගෙ පස්ස පැත්තේ ගසා ඇති බවත් මහින්ද රනිල්වත් රනිල්-මහින්දවත් ආරක්ෂා කරන වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන බවත් සමරසිංහ මහතා කීවේය.
මිනිසුන් මරා දමා දේපළ විනාශ කරනවට තම පක්ෂය විරුද්ධ බව පැවසූ ඒ මහතා එවැනි කටයුතු ජනතා විමුක්ති පෙරමුණ කිසිසේත්ම අනුමත නොකරන බවද ප්‍රකාශ කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |