වහාම ධුරයයෙන් ඉල්ලා අස්වන්න..තරුණයෙකුගෙන් ජනපතිට දැනුම් දීමක්.(VIDEO)

Ranil Wickremesinghe
By Aruna Feb 16, 2023 11:45 PM GMT
Report

දැන් ආරම්භ වී ඇති රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ බහින කාලය බව අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සඳහන් කරයි.

මැතිවරණ කල් දමමින් ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහුරමින් තවදුරටත් බලයේ රැඳී සිටින්නට උත්සාහ කරන්නේ නම් ජනතාව සමග එක්ව අඛන්ඩ අරගලයක් ආරම්භ කිරීමට සූදානම් බව එහි කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා සඳහන් කළේය.

ඒ යටතේ ඉදිරි කාලය තුළ රට පුරා විවිධ විරෝධතා ක්‍රියාමාර්ග සැලසුම් කර ඇති බව ද දැන් ආණ්ඩුවට ඉතිරි වී ඇත්තේ වහාම ඉල්ලා අස්වීම පමණක් බවද ඔහු පැවසීය.

69 ලක්‍ෂයක ජන වරමින් පත්වූ ගෝඨාභය රාජපක්ෂ එළවා දැමූ පසු ඒ වෙනුවට ආ දොරටුපාලයා අදාලම නැති බව කියා හෙතෙම සිටියේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පවත්වන ලද මාධ්‍ය හමුවක් අමතමිනි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now