වසන්ත මුදලිගේ ඇතුළු තුන්දෙනා සී.අයි.ඩීයට
අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ සහ සෙසු දෙදෙනා සම්බන්ධයෙන් වන පරීක්ෂණ පොලිස්පති උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශක, නීතිඥ නිහාල් තල්දූව මහතා පවසා සිටියේ, කොළඹ ගෑස් පහ ප්‍රදේශයේ දී අත්අඩංගුවට පත්වූ වසන්ත මුදලිගේ, ඔහු සමග සිටි ගුණතිලක සිරිවර්ධනලාගේ හෂාන් ජීවන්ත ගුණතිලක හා ගල්වැව සිරිධම්ම හිමි ද පසුගිය 19 වනදා අත්අඩංගුවට ගත් බවය.
මොවුන් පිළිබඳ විමර්ශන මේ වනවිට ආරම්භ කර ඇති අතර, තවදුරටත් රඳවාගෙන ප්‍රශ්න කළ යුතු නිසාවෙන් ත්‍රස්ත වාදය වැළැක්වීමේ පනත යටතේ ආරක්ෂක අමාත්‍යවරයා සතු බලතල අනුව රැඳවුම් නියෝග ලබාගැනීමට මේ වනවිට විමර්ශන නිලධාරීන් ඉල්ලීම් කර ඇතැයි ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා සඳහන් කළේය.
ඒ අනුව වසන්ත මුදලිගේ ඇතුළු සෙසු දෙදෙනා තවදුරටත් රඳවා ගෙන ප්‍රශ්න කිරීමට කටයුතු කරනු ලබන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. පසුගිය මාර්තු 31 වනදා සිට මේ දක්වා සිදුවු විවිධ ආකාරයේ කලහකාරී හා ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් මොවුන්ට චෝදනා එල්ල වී තිබේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |