වසන්ත මුදලිගේව පොලීසියෙන් පිටතට රැගෙන යයි - රදවාගත් ස්ථානය රහසක්

Galle Face Protest Sri Lanka Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 21, 2022 08:44 AM GMT
Report

පෑලියගොඩ පොලීසියේ රඳවා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටි අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විමර්ශන කටයුතු සඳහා අද (21) පෙරවරුවේ පොලීසියෙන් පිටතට රැගෙන ගොස් තිබේ. පෑලියගොඩ පොලීසිය සඳහන් කළේ, ඔහු රැගෙන ගිය ස්ථානය පිළිබඳව ප්‍රකාශ කළ නොහැකි බවය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තිය සමිති හා බහුජන සංවිධානය කොළඹදී ඒකාබද්ධ මාධ්‍ය හමුවක් කැඳවමින් චෝදනා කර සිටියේ, ආණ්ඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හරහා අරගලයට සම්බන්ධ පිරිස් මර්දනයට කටයුතු කරමින් සිටින බවය. එහිදි අදහස් දැක්වු අන්තර් විශ්වවිද්‍යාලයීය ශීෂ්‍ය බලමණ්ඩලයේ නියෝජිත පූජ්‍ය උදේනිගම ගුණරතන හිමි,

"වසන්ත මුදලිගේ සහෝදරයා ගල්වැව සිරිදම්ම හාමුදුරුවෝ අශාන් ජීවන්ත කියන සහෝදරයින් තුන්දෙනා රඳවා ගැනීමේ කාලය අද හවස් වෙනකොට අවසන් වෙනවා. අපි දන්වා අධිකරණයට ඒ සහෝදරවරු ඉදිරිපත් කරාට පස්සේ ආණ්ඩුවේ අවශ්‍යතාවය ඉෂ්ඨ වෙන්නේ නෑ. ඒ නිසා අධිකරණය මඟ හැරලා ත්‍රස්ථවාදය වැළැක්වීමේ පනත යටතේ ඒ සහෝදරවරු දින 90ක් ඒ රඳවා තබා ගැනීමට අදාළ වු රැඳවුම් නියෝගයට අත්සන් කිරීමට මේ වෙලාවේදී රනිල් වික්‍රමසිංහ සූදානමින් ඉන්නවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
JOIN NOW