සමාජ මාධ්‍ය ඔස්සේ නිවාඩු සැලසුම් බෙදාගන්න එපා..! පොලිසියෙන් දැඩි අනතුරු ඇඟවීමක්..
Nihal Talduwa
Sri Lanka Police
Facebook
Sri Lanka
Sri Lanka Social Media
By Sewvandhi
පොලීසිය විසින්, අලුත් අවුරුදු උත්සව සමයේ ඔවුන්ගේ විවිධ ක්‍රියාකාරකම්, විශේෂයෙන් එළිමහන් සංචාර පිළිබඳ තොරතුරු සමාජ මාධ්‍ය වේදිකාවල බෙදා ගැනීමෙන් වළකින ලෙස මහජනතාවගෙන් ඉල්ලා ඇත.
අද (10) මාධ්‍ය වෙත අදහස් දක්වමින් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව ජනතාවගෙන් ඉල්ලා සිටියේ තමන් සිටින ස්ථාන වැනි සංවේදී තොරතුරු සමාජ මාධ්‍ය ඔස්සේ හුවමාරු කිරීමෙන් වළකින ලෙසයි.
එතුමා පෙන්වා දුන්නේ, සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් මෙම කාලය තුළ නිවාස කොල්ලකෑම් සඳහා මෙම තොරතුරු උපයෝගී කර ගන්නා බවයි.
නිවෙස්වලින් පිටව යන අයගෙන් CCTV කැමරා ක්‍රියාත්මක කරන ලෙසත්, සොරකම් වැළැක්වීම සඳහා දර්ශන නිරන්තරයෙන් නිරීක්ෂණය කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී තල්දූව වැඩිදුරටත් මහජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |