අවමංගල්‍ය පෙරහැරකට රථයක් කඩා බැදීමෙන් සිදු වූ අනතුර.

Sri Lanka Accident
By Sewvandhi Dec 31, 2022 12:51 PM GMT
Report

සුසාන භූමියක් වෙත රැගෙන යමින් තිබූ දේහයක් පිටුපස ගමන් කරමින් සිටි පිරිසක් අතරට ත්‍රීරෝද රථයක් කඩාවැදී තිබේ. 

 සිද්ධියෙන් කුඩා ළමුන් 03 දෙනෙකු ඇතුළු 07 දෙනෙකු තුවාල ලබා කළුතර සහ පානදුර රෝහල් වෙත ඇතුළත් කර ඇත.  තුවාලකරුවන් වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන්ය. 

 වාද්දුව පොතුපිටිය ප්‍රදේශයේ මියගිය කාන්තාවකගේ දේහය අවසන් කටයුතු සිදුකිරීම සඳහා එලෙස ගාලුපාර ඔස්සේ වාද්දුව දෙස සිට වස්කඩුව පොදු සුසාන භූමිය වෙත රැගෙන යමින් තිබියදී මෙම අනතුර සිදුවී ඇත.

එම අවස්ථාවේදී කළුතර දෙසින් පැමිණි ත්‍රීරෝද රථය, රියදුරට නින්දයෑම හේතුවෙන් අනතුර සිදුවී තිබේ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now