මම විවාහ වුනේ මගේ හොඳම යාළුවා එක්ක, හැබැයි හොඳම යාලුවෝ දෙන්නෙකුට එකට පවුල් කන්න අමාරුයි-වොල්ගා කල්පනී (PHOTOS)

Gossip Today SL Actress Gossips
By Sithumi Apr 11, 2023 04:12 PM GMT
Report

මේ දිනවල පුංචි තිරය ඔස්සේ විකාශනය වන පාරදිගේ ටෙලිනාට්‍යයේ ටුටූගේ චරිතය හරහා වගේම මාණික්කාවත ටෙලිනාට්‍යයේ ගුණාදරීගේ චරිතය හරහා ප්‍රේක්ෂකයින් හමුවට එන දක්ෂ ජනප්‍රිය මෙන්ම සම්මානනීය සුරූපී රංගන ශිල්පිනියක් තමයි වොල්ගා කල්පනී කියලා කියන්නේ.

ඉතින් ඇය පහුගිය දවසක පුවත්පත් මාධ්‍ය සාකච්චාවක් එක්ක එකතුවෙලා ඇයගේ අලුත්ම තොරතුරු ගැන කතා බහ කරලා තියෙනවා අපට දැකගන්න ලැබුණා. ඉතින් මේ ගෙවෙන්නේ බොහොම අසීරු කාලයක් නිසා රටේ තියෙන තත්ත්වයත් එක්ක අලුතෙන් පටන් ගන්න තිබුණු නාට්‍යය කීපයක්ම දින නියමයක් නැතුවම කල් දාන්න වුණා කියලයි ඇය කියන්නේ.

ඒ වගේම මහන්සිවෙලා නිර්මාණයක් කළත් එය හිත සතුටින් බලන්න ප්‍රේක්ෂකයන්ට දැන් මානසිකත්වයක් නැහැ කියලත් ඇය කියනවා. ඉතින් මේ පොදුවේ හැමෝම දුෂ්කරතා රැසකට මුහුණදෙමින් ඉන්න මොහොතක් කියලයි ඇය කියන්නේ. මොකද කලා කටයුත්තක් කරගන්න විදිහක් වත් නැති නිසා. නමුත් ඇය හිතන්නේ මේ ගෙවෙන්නේ ජීවිතේ තදින් අල්ලගෙන ඉන්නම ඕනෙ අසීරුම තැනක් නිසා අමාරුම කාලේ අපි ඉවසීමෙන් හයියට ඉන්න ඕනෑ කියලයි.

GalleryGalleryGalleryGalleryGalleryGallery