පුටින්ගේ ආරක්ෂාව ගැන පොරොන්දුවක්.

United Russia Vladimir Putin
By krishani Mar 24, 2023 08:13 AM GMT
Report

රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින්ට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර තිබූණී.

එම තත්ත්වය මත රුසියානු ජනාධිපතිවරයා ප්‍රිටෝරියා හි සංචාරය කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය. 

එහිදී ඔහුව සාදරයෙන් පිළිගන්නා බව දකුණු අප්‍රිකානු විපක්ෂයේ සුළුතර පක්ෂයක් වන EFF පක්ෂය පවසා ඇත.

බ්‍රසීලය, රුසියාව, ඉන්දියාව, චීනය සහ දකුණු අප්‍රිකාව යන රටවල්වලින් සමන්විත අගෝස්තු මාසයේ පැවැත්වෙන බ්‍රික්ස් සමුළුවට සහභාගී වීම සඳහා රුසියානු ජනාධිපතිවරයා දකුණු අප්‍රිකාවට යාමට නියමිතයි.

කෙසේවෙතත්, රුසියාව නිදහස සඳහා වූ අරගලයට සහාය දීම සඳහා විශාල කාර්යභාරයක් ඉටු කළ රටක් වන හෙයින් දකුණු අප්‍රිකාවේ සිටියදී රුසියානු ජනාධිපතිවරයා අත්අඩංගුවට ගැනීමට කිසිවෙකු කටයුතු නොකරනු ඇති බව EFF නායක ජූලියස් මලේමා ප්‍රකාශ කර ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join