ඔබත් විටමින් E අතිරේක ගන්න කෙනෙක්ද? එහෙනම් එහි අතුරුප්‍රතිඵල ගැනත් දැනුවත් වන්න.
ගැහැණු පිරිමි භේදයක් නැතිව අද ගොඩක් දෙනෙක් රූපලාවන්‍ය ගැටළු වලට ප්‍රතිකාර එහෙමත් නැත්නම් ප්‍රතිලාභ විදිහට හෝ වෙනත් රෝගාබාධ වලට සුදුසුයි කියලා හිතලා විටමින් E ඖෂධය අතිරේකව ලබා ගැනීමට පෙළඹිලා තියෙනවා.
මේ විටමින් E ඖෂධය විවිධ නම් වලින් විවිධ ආකාරයෙන් හරියටම කියනවා නම්, විවිධාකාර ද්‍රව්‍යයන් විදිහට වෙළඳපොල තුළ දකින්න ලැබෙනවා. හැබැයි ඔබ මේ විටමින් E ගැන හරියටම නොදැන හෝ ඒ ඔබ ගන්න විටමින් E වර්ගය ගැන වැඩි අවබෝධයක් නැතුව හෝ වෛද්‍ය අනුමැතියකින් තොරව ලබා ගැනීම ඇඟට ගුණ නැති බව මතක තබාගන්න. මොකද වෛද්‍ය අනුමැතියකින් තොරව ගන්න අතිරේක විටමින් E ඖෂධය ගැනීම ඔබට වෙනත් රෝගාබාධ රැසකට අත වැනීමකි.
ඒ නිසා පුළුවන් තරම් උත්සහ කරන්න විටමින් E බහුල ආහාර වර්ග පමණක් ලබාගන්න.
විටමින් E බහුල ආහාර
? ඔලිව් තෙල්
? කජු, රට කජු, ආමන්ඩ්
? සූරියකාන්ත ඇට
? මස් මාළු, බිත්තර ආදී සත්ත්ව ආහාර
? නිවිති, බ්රොකෝලි සහ කොළ පැහැති පලා වර්ග
? අඹ,
? කිරි නිෂ්පාදන, දී
? රතු සහ කහ එළවළු සහ පළතුරු
විටමින් E
? විටමින් E කියන්නේ මේද ද්‍රාවී විටමින් වර්ගයකි.
? මේදය සමඟ දියවෙමින් ශරීරයට අවශෝෂණය කරගනියි
? විවිධ ස්ථානවලට මේදය මගින් පරිවහනය කරයි
? ශරීරය තුළ එක්රැස්වීමේ හැකියාව පවතියි.
? ප්‍රතිඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කරයි.
විටමින් E වල ප්‍රතිලාභ.
? නින්දේදී කෙණ්ඩා පෙරළීම වළක්වා ගැනීම සඳහා වෛද්‍යවරුන් නිර්දේශ කරයි.
? මීට වසර කිහිපයකට පෙර සිදු කරන ලද අධ්‍යයනයට අනුව ඩෙංගු උණ හා ඩෙංගු රක්තපාත උණ නිසා ඇතිවන සංකූලතාවයක් වන රුධිර ගලනය අඩු කරන්නට විටමින් E යොදාගත හැකි බව හෙළි කරගෙන ඇත.
? ශරීරයේ සෛල විනාශ වී යාම අඩු කිරීමට උපකාර කරයි.
? සමේ සුළු පිළිස්සීම්වලදී හිරු එළියට සම පිළිස්සීමේදී තාවකාලික විසඳුමක් ලෙස විටමින් E ආලේප කරයි.
? ඇස් යට කලු වීම වළක්වා ගැනීම, හිසකෙස් සත්කාර, වැනි බොහෝ රූපලාවන්‍ය ගැටළු වලට උපකාරී වෙයි.
විටමින් E අධිකව ගත්තොත් සිදු වන දේ.
? සාමාන්‍යයෙන් දෛනිකව අපේ ශරීරයට විටමින් E ලබාගත යුතු ප්‍රමාණය වන්නේ 15 mg ක් තරම් ඉතා අඩු ප්‍රමාණයක්. නමුත් සප්ලිමන්ට් ලෙස මෙය ලබා ගැනීමේදී 400 mg 500 mg වගේ ඉහළ අගයක් වෙනවා.
? නමුත් සාමාන්‍යයෙන් දිනක් තුළ ආහාර මගින් හෝ ආහාර අතිරේක මගින් හෝ ලබා ගත හැකි උපරිම විටමින් E ප්‍රමාණය වන්නේ 1000mg .
? මේ ප්‍රමාණයට වඩා පුද්ගලයෙකු විටමින් E භාවිතා කළොත් එය බොහෝ රෝගයන් ඇතිකිරීමේ අවදානමක් ඇති කරනවා. ඒ අනුව ශරීරයේ ආසාදන ඇති කරයි.
? විෂබීජ ශරීරගතවීම නිසා ඇතිවන උණ තත්ත්වයන් බහුලව ඇති වෙයි.
? දීර්ඝ කාලයක් විටමින් E ලබාගැනීම පුරස්ථි ග්‍රන්ථි පිළිකා වැඩි කරයි.
විටමින් E අතිරේක ලබා ගැනීමේදී ඇතිවිය හැකි අවදානම් තත්ත්වයන්
? වෙනත් ඖෂධ ලබාගන්නා අතරේ විටමින් E ලබා ගැනීමත් අපේ ශරීරයට අහිතකර බලපෑම් ඇති කරන්නට පුළුවන්.
? විශේෂයෙන්ම ඇස්පෙරීන්, වෝපරීන් ආදී ඖෂධ ලබ ගන්නා විට විටමින් E ඒ ඖෂධ සමඟ අන්තර් ක්‍රියා කිරීමෙන් ඒ ඖෂධවල ක්‍රියාකාරිත්වයට බාධා ඇති කරයි .
? පියයුරු පිළිකා සඳහා භාවිතා කරන ටැමොක්සිෆන් කියන ඖෂධය සමඟත් විටමින් E අන්තර් ක්‍රියා කිරීමේ හැකියාව පවතියි.
? අවයව බද්ද කිරීමකින් පසුව ලබාදෙන සයිකෝස්පොරින් කියන ඖෂධය සමඟින් භාවිතා කිරීමේදී සැලකිලිමත් වියි යුතුයි.
? වයස අවුරුදු 50 ඉක්මවූ පුද්ගලයෙක් නම් එවැනි අයෙකුගේ සිරුරේ අභ්‍යන්තර රුධිර ගැලීම් ඇතිවිය හැකි නිසා එය අවදානම වැඩි කරයි.
? විටමින් E සතු රුධිර කැටි ගැසීම වැළැක්වීමේ හැකියාව නිසා බාහිර තුවාලයක් වූ විට හෝ අභ්‍යන්තර රුධිර ගැලීමකදී රුධිරය කැටි ගැසීම නිසා රුධිර වහනය නතර නොවීමෙන් භයානක තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
? විශේෂයෙන්ම මොළයේ රුධිර පාලනයන් නිතර සිදු වෙන්නටත් මේ විටමින් E හේතු වෙන්නට පුළුවන්.
විටමින් E - Supplements ලෙස භාවිතා කිරීම අත්‍යවශ්‍ය ද?
? මේ විටමින් E සප්ලිමන්ට් ලෙස ලබා ගත්තත් එය අත්‍යවශ්‍ය නොවන වග පර්යේෂණවලින් පෙන්වා දී තිබෙනවා.
? දිනකට පුද්ගලයෙකුට ඉතා කුඩා ප්‍රමාණයක් විටමින් E අවශ්‍ය වන වුණත් කෘතීමව නිපදවන අතිරේකයන් ගැනීම ශරීරයට අහිතකර නැහැ.
? එමෙන්ම සාමාන්‍යයෙන් විටමින් E ඌණතාවයන් දකින්නට ලැබෙන්නේ නැහැ.
? විටමින් E ඌණතාවයක් ඇතිවිය හැකි ආකාරය
? අක්මාව ආශ්‍රිත ,අග්න්‍යාශය ආශ්‍රිත සහ බඩවැල් ආශ්‍රිත රෝග සහිත පුද්ගලයන්ටයි.
? එවැනි පුද්ගලයන්ගේ විටමින් E ශරීරයට අවශෝෂණය කරගැනීම නිසි පරිදි සිදු වෙන්නේ නැහැ. එවැනි පුද්ගලයන්ට ස්නායු දුර්වල වීම, ශරීරයේ සමබරතාවය නැතිව යාම, රුධිර නාල ඉක්මනින් විනාශ වීම ආදී තත්ත්වයන් ඇති වෙන්නට පුළුවන්.
? ඒ වගේම මේ විටමින් E ලබාගත්තත් ඒ සමඟම මේදය ලබා ගැනීම සිදු කරන්නේ නැත්නම් ඒවා අපේ ශරීරයට අවශෝෂණය වීමක් සිදු වෙන්නෙත් නැහැ.
?ඇතැම් විට කොළ පැහැ පලාවක් ආහාරයට ගන්නා ඔබ ඒ සමඟම මේදය සහිත ආහාරයක් ලබා නොගතහොත් පලා සතු විටමින් E අපේ ශරීරයට අවශෝෂණය වන්නේ නැහැ.ඒ නිසා විටමින් E තම අවශ්‍යතාවය පරිදි පානය කරන අයෙක් නම් ඒ පිළිබඳව සැලකිලිමත් වන්න.
ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ |