විටමින් ඌණතා නිසා ඇති විය හැකි බරපතල ප්‍රතිවිපාක.

World Health Organization Ministry of Health Sri Lanka Healthy Food Recipes
By Wayomi Jun 06, 2022 04:40 AM GMT
Wayomi

Wayomi

in රචනා
Report

කවුරුත් දන්න දෙයක් තමයි විටමින් සිරුරේ පැවැත්මට අත්‍යවශ්‍ය සාධකයක් බව. ඒ ගැන අහලා ඇති, ඉගෙනගෙන ඇති. හැබැයි විටමින් ගැන කොච්චර කොහොම දැනගෙන හිටියත් ඒ දේවල් සත පහකට මායිම් කරන්නේ නැහැ. නොසලකා හරිනවා නේද? ඒත් ඔබ නොදන්නවා වුණාට විටමින් අඩු වැඩි වීමෙන් ඔබේ සිරුරට හානිකර බලපෑම් ඇති කරනවා. විවිධ රෝගාබාධයන්ට මුහුණ දීමට සිදු වෙනවා.

විටමින් වර්ග කිහිපයක් තිබෙනවා. මේවා ජලයේ දිය නොවන විටමින් සහ ජලයේ දියවන විටමින් ලෙස කාණ්ඩ දෙකකට බෙදෙනවා.

ජලයේ දිය නොවන විටමින්

A, D, E, K

ජලයේ දියවන විටමින්

B සහ C

විටමින ඌනතාව නිසා ඇති වන රෝග.

විටමින් A

🥕🍏🍠 ප්‍රධාන වශයෙන් ඇස් පෙනීම දුර්වල වීම. 

🥕🍏🍠 ඇසේ අක්ෂි ගෝලයේ ඇති ස්නායු අගිසි ක්‍රියාවිරහිත වී රාත්‍රි කාලයේ පෙනීම දුර්වල වන අතර දවල් කාලයේ පෙනීම අඩු වෙනවා. 

🥕🍏🍠 චර්ම රෝග ඇති වීම. 

🥕🍏🍠 සම වේලීම නිතර අත් පා හිරිවැටීම. 


විටමින් B

🍄🌶️🍖  යම් පුද්ගලයකුට විටමින් B කොම්ප්ලෙක්ස් ලබා දෙන්නේ නම් එයින් හැඟෙන්නේ මේ සියලු විටමින් පදාර්ථ සියල්ල අඩංගුව තිබෙන බවයි.  

B 12 ඌනතාවය සඳහා කරන ප්‍රතිකාර

💊 වෛද්‍යවරුන් විසින් B කොම්ප්ලෙක්ස් විටමින් එන්නත් කරනු ලබනවා. එවිට පුද්ගලයා ක්‍රියාශීලී පුද්ගලයකු බවට පත් වෙයි. විශේෂයෙන්ම මෙය වැඩිහිටියන්ට වැළඳෙන රෝගයක්.

💊 B විටමින් ප්‍රභේද කිහිපයකින් යුක්තයි. ඒවා B , B1 , B2 , B6 , B12 . මේවා සියල්ල එකතු වූ විට විටමින් B කොම්ප්ලෙක්ස් ලෙස හඳුන්වනවා.

විටමින් B1 අඩුවීමේ දී,

💊 පුද්ගලයාගේ ස්නායු නිසි ලෙස ක්‍රියාත්මක නොවන අතර නිතරම සිරුරට අප්‍රාණික බවක් දැනෙන්න ගන්නවා.

💊 ඒ වගේම අත් පා නිතරම හිරිවැටීමට ලක් වෙනවා.

💊 විටමින් B - B1 ඌනතාවය අලස ගතිය, සුළු වැඩක යෙදීමේ දී මහන්සිය, අප්‍රාණික බව, තෙහෙට්ටුව ඇති වෙනවා. 

විටමින් B 12 ඌනතාවය

💊 B 12 ඌනතාවය නිසා සුසුම්නාවේ රෝග ඇතිවීම.

💊 සුසුම්නාවේ ක්‍රියාකාරිත්වය අඩපණ වීම මෙය ඉතා සැලකිලිමත් විය යුතු රෝගයක්.

💊 මළ බද්ධය, මුත්‍රා අඩස්සිය ආදි රෝග ඇති වීම.

💊 මේ තත්ත්වයන් ඔබට ඇති වී ඇත්තේ B 12 ඌනතාවයකින් දැයි ස්ථීරව දැන ගන්න වෛද්‍යවරයකුගේ උපදෙස් මත රුධිර පරීක්ෂණයක් කරවා ගන්න.   


විටමින් C

🍌🍋🍊 සුසුම්නාවේ ස්නායු තද වීම.

🍌🍋🍊 අප්‍රාණික බව හිරිවැටීමේ ලක්ෂණ ඇති වීම.

🍌🍋🍊 විටමින් C මගින් සිරුරේ පටක යථා තත්ත්වයට පත් කෙරේ. ඉන් පටක ශක්තිමත් කෙරේ. එම නිසා තුවාල සුව කිරීමට විටමින් C අත්‍යවශ්‍යයි.


විටමින් D

🥩🧀🥚 විටමින් D අස්ථි ශක්තිමත් කිරීමට උපකාර වෙනවා.

🥩🧀🥚 කැල්සියම් හා සම්බන්ධය විටමින් D අඩු වීමෙන් අස්ථි කැඩීමට පිපිරීමට ඉරිතලා යාමට හැකියි. බොහෝ විට අස්ථි ඉරිතලා ගොස් තද වේදනාවක් ඇති වෙනවා.. එවිට ස්නායු ක්‍රියාකාරීත්වය අඩු වී අත් පා හිරි වැටීමක් සිදු වෙනවා.වේදනාව, පණ නැති වීමේ ලක්ෂණ පහළ වෙනවා.

🥩🧀🥚 මේ තත්ත්වය දිගටම පැවැතීමෙන් අස්ථි දිරා යාමට පටන් ගනී.

🥩🧀🥚 කොන්ද බෙල්ල වැනි අවයවයන්ගේ වේදනාවක් ඇති වෙයි.

🥩🧀🥚 ඉතා සුළු නැවීමක දී වැටීමක දී පවා අස්ථි බිඳෙන්න පුළුවන්.


විටමින් E

🥑🍅🐟   ලිංගික අප්‍රාණික භාවය ඇති වීම.

🥑🍅🐟   ස්ත්‍රි පුරුෂ දෙපක්ෂයටම ලිංගික ප්‍රාණවත් භාවයට විටමින් E අවශ්‍යයයි. ඒ සඳහා තිබෙන උනන්දුව අඩු වීම.

🥑🍅🐟   උදයේ අවදිවන විට තිබිය යුතු ප්‍රාණවත් භාවය නැති වීම.

🥑🍅🐟 සම රැළි වැටේ, සිරුරේ අප්‍රාණවත් බව තෙතමනය නැති වී වියලි සමක් ඇති කරයි.

🥑🍅🐟   මාංශපේශිවල ක්‍රියාකාරීත්වය අඩු වෙයි.

🥑🍅🐟 ඒ නිසා මස් පිඬු පෙරළීමට (Cramp) ඇතිවීමට පටන් ගනී.


විටමින් K

🥦🥒🍏 ප්‍රධාන වශයෙන් රුධිරය කැටි ගැසීම සඳහා අවශ්‍ය වෙනවා. - එවැනි ඌනතාවයකින් පෙළෙන්නේ නම් විටමින් K ලබාදිය යුතුයි.


ලෝකයේ කොහේ සිටියත් වැදගත් දේ ගැන විස්තර සවිස්තරාත්මකව දැන ගන්න එක් වෙන්න පුවත් WhatsApp සමඟ 

JOIN NOW