විශ්මා සඳමාලිගේ අවසන් මොහොතේ CCTV දර්ශන ගැන ජපානයෙන් විශේෂ නිවේදනයක්..!
ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ ප්‍රකාශයක් නිකුත් කරමින්, ජපානයේ රැඳවුම් මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොමැතිව මියගිය විශ්මා සඳමාලි තරුණියගේ මරණයට අදාළ CCTV දර්ශන මාධ්‍ය වෙත නිකුත් කර ඇත්තේ සංස්කරණය කිරීමෙන් පසු හා අවසරයකින් තොරව බව පවසයි.
ජපාන මාධ්‍ය වාර්තා කළේ, එරට කැබිනට් මණ්ඩල හමුවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ජපාන අමාත්‍යවරයා මේ බව සඳහන් කර ඇති බවයි.
ජපානයේ නගෝයාහි, වීසා නීති උල්ලංඝනය කළ බවට චෝදනා කරමින් සංක්‍රමණිකයින් රඳවා තබාගැනීමේ මධ්‍යස්ථානයකදී නිසි ප්‍රතිකාර නොලබා අවාසනාවන්ත ලෙස විශ්මා සඳමාලි ජීවිතයෙන් සමුගන්නේ 2021 වසරේදීය.
එනම්, විශ්මාගේ මරණයට නිශ්චිත හේතුවක් අවසන් මරණ පරීක්ෂණ වාර්තාවේ නොමැතිවීම ගැටලු සහගතවීම නිසා ඇයගේ පවුලේ නීතිඥයින් අධිකරණයෙන් ඉල්ලා සිටියේ, විශ්මා රැඳීසිටි කාමරයේ CCTV දර්ශන ලබා දෙන ලෙසය.
ඊට ප්‍රතිචාර දක්වන ජපාන රජය 2021 පෙබරවාරි 22 වනදා සිට මාර්තු 06 වනදා දක්වා විශ්මා රැඳීසිටි කුටියේ CCTV දර්ශන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.
එනම් මේ සම්බන්ධයෙන් විශේෂ සමාජ අවධානයක් හිමිවන්නේ ඇයගේ පවුලේ සාමාජිකයින් වෙනුවෙන් පෙනී සිටින නීතඥවරුන් එම දර්ශන පසුගිය බ්‍රහස්පතින්දා පළමුවරට ජපානයේදී මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමඟය.
මෙම දර්ශන මාධ්‍ය වෙත නිකුත් කිරීමත් සමග ඊයේ (7) පස්වරුවේ ජපානයේ කැබිනට් හමුවෙන් අනතුරුව ජපාන අධිකරණ අමාත්‍යවරයාගෙන් මාධ්‍ය විමසීමක් කර තිබුණි.
එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ, ජපාන අධිකරණ අමාත්‍ය කෙන් සයිතෝ මහතා,
"මෙම වීඩියෝ දර්ශන රජය විසින් සාක්ෂි ලෙස ඉදිරිපත් කළ දර්ශනයි. මෙම විඩීයෝ දර්ශන පැය 5ක පමණ කාලයක් වන අතර එම දර්ශන අධිකරණයේ විභාග කිරීමට නියමිතයි. මෙම වීඩියෝ දර්ශනවලින් කොටසක් පැමිණිලිකරු විසින් අනවසරයෙන් සංස්කරණය කර ඇති අතර එම දර්ශන ජනමාධ්‍ය වෙත ලබාදී මහජනතාවට මුදාහැර තිබෙනවා."
මේ අතර විශ්මාගේ මරණය සම්බන්ධයෙන් සාධාරණ පරීක්ෂණයක් අපේක්ෂා කළ හැකි බව ජපානයේ ශ්‍රී ලංකා කන්සියුලර් ආචාර්ය සුනිල් ගමගේ මහතා පවසයි.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |