තවත් භයානක රෝගයක් මෙරට පැතිර යයි..මේ ගැන දැඩි අවධානයෙන් සිටින්න..

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Nov 30, 2022 03:17 AM GMT
Report

කුඩා ළමුන් අතර මේ දිනවල ඉතා වේගයෙන් පැතිරයන උණ රෝග තත්ත්වයක් පවතින බව රිජ්වේ ආර්යා ළමා රෝ‍හලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.

මේ අතර ඉන්ෆ්ලුවෙන්සා මෙන්ම ඩෙංගු උණ රෝගීන් ද බහුලව වාර්තා වන බවයි දීපාල් පෙරේරා මහතා පැවසුවේ.

උණ සමග කැස්ස, හෙම්බිරිසාව සහ සමහර අයට වමනය යාම වැනි රෝග ලක්ෂණ ළමුන්ට පෙන්නුම් කරන බව ද ඔහු කියා සිටියා.

විවේකය ලබාදීම, දියර ආහාර ලබාදීම, පැරසිටමෝල් මාත්‍රාවක් ලබා දී ළමුන් නිවසේ තබාගන්නා ලෙසත් හදිසිම අවස්ථාවක එළියට යනවානම් මාස්ක් එකක් පළඳින ලෙසත් වෛද්‍යවරයා ඉල්ලා සිටියා.

විශේෂයෙන්ම මොන්ටිසොරි, දිවා සුරැකුම් මධ්‍යස්ථාන වලට යන ළමයින්ට රෝග ලක්ෂණ තිබේ නම් ඔවුන් නිවසේ තබා ගන්නා ලෙසත් දැනුම්දෙනවා.

දවස් තුනකට වැඩිය උණ තිබේනම් සම්පුර්ණ රුධිර පරික්ෂාවකට (ෆුල් බ්ලඩ් කවුන්ට්) දරුවාව යොමුකරන ලෙසත් වෛද්‍යවරයා අවධාරණය කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now