උණ හැදුනොත් අවදානම් තත්ත්වයක්.. හිතුමතේ මේ දේවල් කරන්න එපා.

Sri Lanka Ministry of Health Sri Lanka
By Aruna Sep 06, 2022 05:51 AM GMT
Report

මේ දිනවල වයිරස් උණ පැතිර යන බැවින් වෛද්‍ය උපදෙස්වලින් තොරව හිතුමතේට ප්‍රතිකාර ලබා නොගන්නැයි නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරනවා.

මේ දිනවල ඩෙංගු, කොවිඩ්, ඉන්ෆ්ලුවන්සා සහ විවිධ වයිරස් උණ රෝගයන් පැතිර යන බැවින් ඒවා නිවැරදිව හඳුනාගෙන ප්‍රතිකාර කළ යුතු බැවින් වෛද්‍ය නිර්දේශයන්ගෙන් තොරව ප්‍රතිකාර ගැනීම ඉතාමත් අවදානම් බවයි වෛද්‍ය හේමන්ත මහතා පෙන්වා දෙන්නේ.

වැසි සහිත කාලගුණයත් සමග ඩෙංගු, කොවිඩ් සහ ඉන්ෆ්ලුවෙන්සා රෝගයන්හි පැතිරීම ඉහළ යා හැකි බැවින් වඩාත් කල්පනාකාරී වන ලෙස ජනතාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join now