ජිවිතක්ෂයට පත්වූ පේරාදෙණිය සරසවි සිසුවියගේ මරණය ගැන එලියට ආ අලුත්ම තොරතුරු...

University of Peradeniya Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Mar 02, 2023 04:18 AM GMT
Report

පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ අවසන් වසරේ ඉගෙනුම ලබමින් සිටි, රිදීගම ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අබේවර්ධන මුදලිගේ දොන් විද්‍යානි මදුමාලිකා ද සිල්වා නැමැති සිසුවිය විශ්වවිද්‍යාලයේ මළලසේකර නේවාසිකාගාරය සිහිසුන් ගතියකින් සිටිය දී පේරාදෙණිය රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව තිබුණි.

ඇය කුරුණෑගල මලියදේව බාලිකා විදුහලේ ආදි සිසුවියකි. ඇය කලක සිට මානසික ආතතියකින් පෙළී ඇති අතර ඒ සඳහා ප්‍රතිකාර ලබමින් සිට ඇත බවද පැවැසේ.

සිහිසුන්ව සිටි සිසුවිට පේරාදෙණිය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව සිහිය ලැබීමෙන් පසුව මානසික ආතතිය සඳහා ලබාදුන් ඖෂධ මාත්‍රාව ප්‍රමාණය ඉක්මවා ගත් බව පවසා ඇති බව වාර්තා වනවා.

නැවත අසාධ්‍ය තත්ත්වයට පත් ඇය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කිරීමෙන් අනතුරව මරණයට පත්ව ඇත.

ඇය මරණයට පත්ව ඇත්තේ රෝගී තත්ත්වය සඳහා ගන්නා ලද ඖෂධ මාත්‍රාව වැරදීමකින් ප්‍රමාණය ඉක්මවා ගත් නිසාද නැත්නම් සියදිවි හානිකර ගැනීමට සඳහා සිතාමතාම ගත් නිසාද යන්න සෙයා බැලීම සඳහා පොලිස් පරීක්ෂණ සිදුකෙරන බව සදහන් වනවා.

පේරාදෙණිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක විජිත විජේකෝන් මහතාගේ අධීක්ෂණය මත සිද්ධිය පිළිඳව පොලිස් පරික්ෂණ පේරාදෙණිය පොලිසිය විසින් සිදුකරනු ලබයි.


 සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now