මෙච්චර වැහැලත් වික්ටෝරියාව හිඳිලා

By Madheeha_Naz May 12, 2023 05:06 AM GMT
Report

පවතින අයහපත් කාලගුණයත් සමග මධ්‍යම කඳුකරයට අධික වැසි ඇද හැළුණද ජල විදුලිය සඳහා ජලය මුදා හරින වික්ටෝරියා ජලාශය තව දුරටත් පතුලටම සිඳී පවතින අයුරුයි දක්නට ලැබී තිබෙනවා.

පසුගිය දින කිහිපය පුරා මධ්‍යම කඳුකරයේ බොහෝ ප්‍රදේශවලට නාය යෑමේ අවදානමක් ඇති වන මට්ටම දක්වාම අධික වැසි ඇති වුවත් වික්ටෝරියා ජලාශය පතුලට සිඳී ඇති අයුරු ඊයේ මෙසේ දිස් වී තිබුණා.

පැරැණි තෙල්දෙණිය නගරය යට කර ඉදි කර ඇති වික්ටොරියා ජලාශය සිඳී යාම නිසා එම පැරැණි තෙල්දෙණිය නගරයේ ඇතැම් නටබුන්ද මතුව ඇති අයුරු දක්නට ලැබී තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

JOIN NOW