ජලභීතිකාවට එරෙහිව පශු වෛද්‍ය සංගමය පෙරට

Ministry of Health Sri Lanka
By Madheeha_Naz May 11, 2023 10:30 AM GMT
Report

ශ්‍රී ලංකා පශු වෛද්‍ය සංගමය මගින් ලෝක පශු වෛද්‍ය දිනයට සමගාමීව සුනඛ වන්ධ්‍යාකරණය හා ජලභීතිකා එන්නත් කිරීමේ වැඩසටහන් රාශියක් රටපුරා ක්‍රියාත්මක කළ බව එම සංගමයේ සභාපති වන ආචාර්ය වෛද්‍ය ඩිලාන් අමිල සතරසිංහ මහතා ප්‍රකාශ කර තිබෙනවා.

එම වැඩසටහන් මිල්ලනිය,රත්නපුර පශු වෛද්‍ය රෝහල, කෑගල්ල පශු වෛද්‍ය කාර්යාලය සහ කිරිවත්තුඩුව කිරි එකතුකිරීමේ මධ්‍යස්ථානවල පැවැත්විණි.

එසේම වගකීම් සහිත සුරතල් සතුන්ගේ හිමිකාරීත්වය සහ නගර ආශ්‍රිත වන ජීවින් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කිරීම මෙන්ම සත්ව පාලන වැඩසටහන් රැසක් ද එහි ආරම්භ කළ බවද සභාපතිවරයා වැඩිදුරටත් පවසා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW