මෙවර වෙසක් මංගල්‍යයේ විශාලම තොරණ..

Vesak Full Moon Poya Sri Lanka
By Sithumi May 06, 2023 01:51 PM GMT
Report

කොවිඩ් වසංගතයෙන් අනතුරුව, වසර හතරකට පසුව නිදහසේ සැමරෙන වෙසක් උත්සව වෙනුවෙන් කොළඹ ඇතුළු නගර රැසක තොරණ, වෙසක් කූඩු ඇතුළු වෙසක් කලාප රැසක් මෙවර සංවිධානය කර ඇති බව දක්නට ලැබුණා.

මෙම තොරන් තොරන් දන්සැල් වැඳීම සඳහා අතිවිශාල ජනකායක් ඊයේ පැමිණ සිටි අයුරු ද දක්නට ලැබුණි. කාගේත් අවධානය දිනා ගන්නා තොටළඟ තොරණ මෙවරත් ප්‍රදර්ශනය කෙරුනේ 68වන වරටය.

තොටළඟ ශ්‍රී වෛශාඛාලෝක සමිතිය වාර්ෂිකව නිර්මාණය කරන තොටළඟ තොරණින් මෙවර නිරූපනය කෙරුණේ මහා සුපින ජාතකයයි. විදුලි බල්බ 60,000 කින් තොරණ වර්ණවත් වුණි.

සෑම වර්ෂයකම මහරගම නගරයේ ප්‍රදර්ශනය කරන දර්ශනීය තොරණින් මෙවර නිරූපනය කෙරුණේ කාලීයක්ෂණී කථා පුවතය. අතුරුගිරිය එක්සත් වෙළෙඳ හා ව්‍යාපාරික සුබසාධක සමිතිය විසින් 16 වැනි වරටත් ඉදිරිපත් කරන තොරණ අතුරුගිරිය බස් නැවතුම්පොළ ඉදිරිපිටදී මෙවරත් ප්‍රදර්ශනය කෙරේ. ඉන් නිරූපණය කෙරෙන්නේ මහා මයුර ජාතකයයි.

එමෙන්ම, දෙමටගොඩ තොරණ මෙවර 46 වන වරට ප්‍රදර්ශනය කෙරුණු අතර යසෝදරා චරිතාපදානය එහි නිරූපනය කෙරුණි. විශාලා මහනුවර ඇතිවූ තුන්බිය පිළිබඳ කියැවෙන රතන සූත්‍රය පිළිබිඹු කරන රාජගිරිය තොරණ ඊයේ රාත්‍රියේ ප්‍රදර්ශනය කෙරුණි.

මේ අතර කොට්ටාව එක්සත් වෙළෙඳ සංගමය 21 වැනි වරටත් සංවිධාන කරන තොරණ ඊයේ රාත්‍රියේ කොට්ටාව බස් නැවතුම්පොළ ඉදිරියේ ප්‍රදර්ශනය කෙරුණි.

ලංකාවේ විශාලතම තොරණ මෙවර ඉදිකර ඇත්තේ පානදුර නගරයේය. එය උස අඩි 65ක් සහ පළල අඩි 60කින් යුක්ත වන අතර විදුලි බල්බ 80,000ක් ඒ සඳහා යොදා ගෙන තිබේ. පානදුර එක්සත් පොදු වෙළෙඳ බෞද්ධ සංගමය මෙවර තොරණ ඉදිකර තිබෙන්නේ 65 වැනි වරටය.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...  
Join Now