වාහන වලට විශාල බද්දක් නිසා මිල ඉහළ නගී..ජාත්‍යන්තරයෙන් රතු එළියක්..
                                    
                    Electric Vehicle
                
                                                
                    China
                
                                                
                    China Ship In Sri Lanka
                
                                                
                    World
                
                        
        
            
                
                By Aruna
            
            
                
                
            
        
    චීන විද්‍යුත් වාහන සඳහා බදු ඉහළ දැමීමට යුරෝපා සංගමය පියවර ගෙන ඇති බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර සිටිනවා.
එම තීරණය ගෙන ඇත්තේ එම කලාපයේ මෝටර් රථ නිෂ්පාදන ක්ෂේත්‍රය ආරක්ෂා කර ගැනීමේ අරමුණින් බවයි යුරෝපා සංගමය පවසන්නේ.
ඒ අනුව එක් එක් නිෂ්පාදකයාට 17.4% සිට 37.6% දක්වා බදු පනවා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා ප්‍රකාශ කළේ.
එසේම චීනයෙන් ආනයනය කරන සියලුම විද්‍යුත් වාහන සඳහා ආනයන බද්දක් ලෙස පනවා ඇති 10%ක බද්ද නොවෙනස්ව පවතින බවයි පැවසෙන්නේ.
 
ඒ හේතුවෙන් යුරෝපා සංගමය තුළ චීන ව්ද්‍යුත් වාහන වල මිල සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි බව ද විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.
 
                 
                 
                                             
     
     
        
     
     
     
     
    