වාහන ගැන ගත් අලුත්ම තීරණය..!
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සහ මෝටර් රථ ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තු නිලධාරීන් අතර පැවති සාකච්ඡාවකදී,නව ක්‍රමවේද හඳුන්වා දෙමින් මෙරට මෝටර් රථ භාවිතය විධිමත් කිරීමට අයවැයෙන් ඉදිරිපත් කළ යෝජනා ක්‍රියාත්මක කිරීම පිළිබඳ අවධානය යොමුව තිබෙනවා.
එහිදී 2021 නොවැම්බර් මස 12 දිනට පෙර මෙරටට ආනයනය කළ සහ මෙරටදී එකළස් කරන ලද වාහන ලියාපදිංචි කිරීම පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ බව සඳහන්.
ඒ අනුව 2023 අයවැය යෝජනා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය නෛතික ප්‍රතිපාදන හා අනෙකුත් නීති සම්බන්ධයෙන් සාකච්ඡා වී තිබුණා.
එමෙන්ම මෙරට මෝටර් රථ භාවිතය, එකළස් කිරීම හා අලෙවිය සම්බන්ධයෙන් පවතින නීති රීති හේතුවෙන් මහජනතාව මුහුණ දෙන අපහසුතා පිළිබඳව ද අවධානය යොමු කර තිබෙනවා.
මීට අමතරව සංචාරකයින් මෙරටට පැමිණෙන අවස්ථාවන්හිදී ඔවුන් වෙත මෙරට මෝටර් රථ ධාවනය සඳහා අවසර ලබාදීමේ ක්‍රමවේදය වඩාත් කාර්යක්ෂම කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී සාකච්ඡා කළ බව සඳහන්.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |
