ජනතාව බිය වැද්දූ විශාල පිඹුරා තනිවම වෙලට බැස ඇල්ලූ OIC ගේ දැවැන්ත වික්‍රමය..(PHOTOS)

By Sewvandhi Jan 09, 2022 09:47 AM GMT
Report

වලපනේ කූඹල්ගමුව තැන්නහේන්වල උල්මොල්ලිය වෙල්යායේ සැරිසරමින් සිටි අඩි පහ‍ළොවක් පමණ දිග දැවැන්ත පිඹුරෙකු ඊයේ (08) සවස අල්ලා ගැනිමට වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා සමත් වු බව වලපනේ පොලිසිය පවසයි.

මෙම උල්මොල්ලිය වෙල්යායේ දැවන්ත පිඹුරෙකු සැරිසරමින් සිටින බවත් එම දැවන්ත පිඹුරාගෙන් වෙල්යාය ආසන්නයේ නිවෙස්වල සිටින කුඩා ළමයින්ට හා මිනිස් ජිවිතවලට අනතුරක්විමට ඉඩ ඇති බව පවසමින් බියට පත් වු ප්‍රදේශවාසීන් විසින් මෙම දැවන්ත පිඹුරා පිළිබදව වලපනේ මුලස්ථාන පොලිසියට දුරකථන ඇමතුමක් ඔස්සේ දැනුමි දි වලපනේ පොලිසිය දැනුවත් කර ඇත.

එම අවස්ථාවේ වලපනේ මුලස්ථාන පොලිසියේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂකවරයා ලෙස කටයුතු කරමින් සිටි වලපනේ වැඩ බලන මුලස්ථාන පොලිස් පරික්ෂක අඹගස්පිටිය මහතා මෙම දුරකථන ඇමතුම ඔස්සේ වහාම ක්‍රියාත්මකවී තවත් පොලිස් නිලධාරියෙකු සමග දැවන්ත පිඹුරා සැරිසරමින් සිටි වෙල්යායට ගොස් කිසිදු බියක් සැකයක් නොමැතිව ප්‍රදේශවාසීන් ද කිසිදු සහයක් නොමැතිව ප්‍රදේශවාසීන් ද පුදුමයට පත් කරමින් දැවන්ත පිඹුරා අතින් අල්ලා ගෙන පොහොර මල්ලකට දමා වලපනේ කිර්තිබණ්ඩාරපුර වන ජීවි කාර්යාලයට දැන්වීමෙන් අනතුරුව වන ජිවි නිලධාරිහු පැමිණි පිඹුරා ආරක්ෂිත ස්ථානයකට මුදා හැරිම සදහා රැගෙන ගියහ.




GalleryGallery