ලොව පළමු වරට මී මැස්සන්ටත් එන්නතක්

By Sewvandhi Jan 06, 2023 09:35 AM GMT
Report

මී මැස්සන් ඉලක්ක කර ගනිමින් නිෂ්පාදනය කළ ලොව පළමු එන්නත භාවිත කිරීමට අමෙරිකාව නිල වශයෙන් අවසර ලබා දී තිබෙනවා.

ඒ, දිගින් දිගටම සිදුවන මී මැස්සන්ගේ ගහනය අඩු වීම පාලනය කිරීම සඳහා වන අතර මී මැසි වර්ගයා වඳවී යාම අඩු කිරීම සඳහා ලොව නිපදවූ පළමු එන්නත මෙයයි.

අමෙරිකාව තුළ පැතිර යන බැක්ටීරියාවක් හේතුවෙන් එරට මී මැසි ගහණයට දැඩි බලපෑමක් එල්ල කර තිබෙන අතර අනාවරණ වී ඇත්තේ 2006 වසරේ සිට අඛණ්ඩව අමෙරිකාවේ මී මැසි ජනපද වාර්ෂිකව අඩු වන බවටයි.

ඒ අනුව නිපදවූ මෙම එන්නත මී වදයේ රැජින ආශ්‍රිත ප්‍රදේශයට එන්නත් කිරීමට නියමිතයි. එමඟින් මී මැසි ගහණයට බලපෑම් කරන බැක්ටීරියාව විනාශ කිරීම අපේක්ෂාව වන අතර පරාග වාහකයින් ලෙස මී මැස්සන් පරිසර පද්ධතිය පවත්වාගෙන යාමට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනවා.

එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකාර්මික සංවිධානයට අනුව ලෝකයේ භෝග නිශ්පාදනයෙන් 3න් 1කට මී මැස්සන්, කුරුල්ලන් හා වවුලන් වැනි පරාග වාහකයින් ඍජු දායකත්වයක් දක්වා තිබෙන අතර විවිධ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු සඳහා ද මී පැණි ලබා ගැනීම  බහුලව සිදු වනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now