ඔබේ ශරිරයත් උශ්ණාධිකද මෙන්න මේ ආහාර ගන්න එපා එහෙනම්...

By Subodha May 30, 2022 06:03 AM GMT
Subodha

Subodha

in රචනා
Report

ඔබ ආහාර ලබා ගනිද්දි ඔබේ ශරීර සෞඛ්‍ය තත්වයට ගැලපෙන පරිදි ආහාර ලබා ගැනීම වැදගත් වෙනවා. එය නීරෝගී පුද්ගලයෙකු බිහි කිරීමට හොඳම මාර්ගයක්. අපි ලබාගන්නා ආහාර වර්ග ඌෂ්ණ හා ශීත ආහාර ලෙස කොටස් දෙකකට වෙන් කර හඳුනා ගන්න පුළුවන්. ශරීරයේ අභ්‍යන්තරික දෝෂයක් හේතුවෙන් සෑදෙන ශාරීරික උෂ්ණාධිකම මෙන්ම අප බාහිරව ගන්නා ආහාර හෝ ඖෂධ හේතුවෙන් ඇතිවන ඌෂ්ණාධිකම ලෙස ඌෂ්ණාධිකමෙහි ආකාර දෙකක් හඳුනාගත හැකිය. බොහෝ ස්ත්‍රී රෝග ඇති වීමට මූලිකවම බලපාන්නේ මෙම ඌෂ්ණාධිකමයි. ඒ වගේම ශරිරයේ අධීක සීතල විමේදි හට ගන්නා ලෙඩ රෝගත් බොහෝමයක් තියෙනවා.

ඇත්තටම ඇතැම් පුද්ගලයන්ගේ ශරීරය ඉතාම ඌෂ්ණයි. වැඩිපුර දහඩිය දැමීම, ඇතැම් ආහාර වර්ග ලබාගත් පසු ශරීරයේ පලු දැමීම, කැසීම ඇති වීම, ඇලර්ජි තත්වයන් ඇති වීම වැනි තත්වයන් බහුලවයෙන් ඇති වන්නේ ඌෂ්ණ ශරීරයකට හිමිකම් කියන උදවියවේ. එවැනි අය සඳහා කිසිවිටකත් ඌෂ්ණ සහිත ආහාර නිරන්තරයෙන් ලබා දීම පාලනය කල යුතුය. දෛනිකව ඔබත් ඌෂ්ණ සහිත ආහාර ලබා ගැනීම තුලින් ඔබගේ ශරීර අභ්‍යන්තරයේ පවා යම් යම් රෝග තත්වයන් ඇති විය හැකිය. එම නිසාවෙන් ඌෂ්ණ සහිත ආහාර වර්ග හඳුනා ගනිමින් එම ආහාර වර්ග පාලනය කිරීමට ඔබට පුළුවන්. ඇත්තටම මොනවාද මේ ඌෂ්ණ සහිත ආහාර වර්ග. 

ඌෂ්ණාධික ආහාර

  • ටින් කල ආහාර
  • සාඩින්
  • සමහර මස් වර්ග
  • මීට් බෝල්ස් වර්ග
  • ඉස්සෝ
  • කකුළුවෝ
  • ටින් කල සෝස්
  • අන්නාසි.
  • ඌරුමස්
  • බල මාළු
  • තෝරා මාළු
  • දැල්ලෝ
  • අච්චාරු
  • බල කරවල
  • තක්කාලි දමන ලද ආහාර
  • සෝස් එකතු කරන ලද ආහාර
  • දෙල්
  • මාළු මිරිස් 
  • මුරුංගා
  • කෙලවල්ලෝ
  • විනාකිරි යෙදූ ආහාර 

ඉතින් ඉහත සඳහන් කල ආහාර වර්ග අතර අප එදිනෙදා ලබා ගන්නා ආහාර වර්ගත් තිබිය හැකියි. නමුත් අප ආහාරට ගැනීමට කොතරම් ප්‍රියකරන ආහාර වර්ගයක් වුනත් එය අපට අහිතකර නම් එයින් වැලකී සිටීම සිදුතල යුතුයි. මෙවැනි ඌෂ්ණ සහිත ආහාර එක දිනකට දෙක තුනක් ලබා ගැනීම තුලින් ඔබගේ ශරීරයේ යම් යම් ඇලර්ජි තත්වයන් ඇති විය හැකි අතර.ඒවාට ඔරොත්තු දෙන ආකාරයට ඔබගේ ආහාර රටාව පවත්වා ගැනීමද ඉතා වැදගත් කරුණකි.

ඔබේ උෂ්ණාධික ශරිරය සීතල කර ගැනීම සදහා මෙවැනි දෑ ආහාරයට ගන්න.  

ඌෂ්ණාධිකම නැතිකර ඇඟ සිසිල් කරන ආහාරපාන 

  • ඉඟිනි ඇට, හාතවාරිය අල, සුදුහඳුන්, ඉරිවේරිය තැම්බූ වතුර පානය කරන්න.
  • යෝගට්
  • වම්බටු
  • වට්ටක්කා
  • මෑ කරල්
  • මුකුණුවැන්නා
  • මී කිරි 
  • එළකිරි බිත්තර (ගම් බිත්තර වලට සෙම වැඩිය)
  • අරළු, බුළු, නෙල්ලි, සුදුහඳුන්, රසකිඳ, වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කරන්න.
  • රත්හඳුන්, රසකිඳ, කොල්ලු තැම්බූ වතුර පානය කරන්න.
  • කොහොඹ පොතු, දුම්මැල්ල, අරළු, රසකිඳ තැම්බූ වතුර පානය කරන්න.
  • පොල්පලා කැඳ සාදා ආහාරයට ගන්න.
  • වැල්පෙනෙල කැඳ සාදා ආහාරයට ගන්න.
  • පතෝල
  • වැටකොළු
  • කතුරුමුරුංගා 
  • ගැටපොලොස් 
  • කොහිල අල
  • කිරිඅගුණ 
  • පිපිඤ්ඤා 
  • අලුත් එළවළු සමඟ හතු එකතුකර සුප් සාදා ආහාරයට ගන්න.
  • අමු නෙල්ලි
  • බත් කැඳ දිනපතා උදේට ආහාරයට ගන්න.
  • ඉරමුසු, සැවැන්දරා තැම්බූ වතුර පානය කරන්න.
  • කොත්තමල්ලි, වෙනිවැල්ගැට තැම්බූ වතුර පානය කරන්න.
  • ඉරමුසු, අශෝක පොතු තැම්බූ වතුර පානය කරන්න.
  • බාර්ලි හා සව් මිශ්‍ර කැඳ පානය කරන්න.
  • රණවරා සහමුලින් ගෙන තම්බා එම වතුර පානය කරන්න.