ජනතාවට එකවරම කළ විශේෂ දැනුම්දීමක් මෙන්න..
Water Board
Weather
Water
Latest Headlines
Decision Making
By krishani
මේ වන විට පවතින වියළි කාලගුණ තත්ත්වය හමුවේ ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.
වියළි කාළගුණයත් සමග ජල පරිභෝජනය 15%ක පමණ අගයකින් ඉහළ ගොස් ඇත.
මේ අතර, මේ වනවිට ජල සම්පාදන ක්‍රම 06 කින් ජලය නිකුත් කරනු ලබන්නේ මුරක්‍රමයට බව ජාතික ජලසම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිනි අනෝජා කලුආරචිචි කියා සිටියේ ය.
එමෙන්ම, ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ද ඇය ජනතාවගෙන් ඉල්ලා සිටියේ ය.
කෙසේ වෙතත්, ලංකා විදුලිබල මණ්ඩලයේ ඉංජිනේරු සංගමය ප්‍රකාශ කළේ වියළි කාලගුණ තත්ත්වයත් සමග ජලාශවල ජල මට්ටම් සියයට 70 ක පමණ ප්‍රමාණයකට පහළ බැස ඇති බව ය.
තවද, පවතින තත්ත්වය හමුවේ වුව ද අඛන්ඩ විදුලි සැපයුමක් ලබාදීමේ හැකියාවක් පවතින බව එම සංගමය වැඩිදුරටත් කියා සිටියේ ය.