අන්තරේ කැදවුම්කරු ගැන ආදිවාසී නායකයා කියූ කතාව

Sri Lankan protests Sri Lanka Sri Lankan political crisis Inter University Students Federation Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Aug 07, 2022 12:56 PM GMT
Report

තමා පරම්පරාවෙන් පත් වුණු නායකයෙක් වන බැවින් තමාට මිය යන තෙක් නායකත්වයේ රැඳී සිටිය හැකි බවත්, ඡන්දයෙන් පත් වන නායකයන්ට සිටියට හැක්කේ අවුරුදු පහක් හෝ හයක් වැනි කෙටි කාලයක් බවත් ආදිවාසී නායක ඌරු වරිගේ වන්නිල ඇත්තන් පවසනවා.

ආදිවාසී නායකයා මේ බව කියා සිටියේ ආදිවාසීන් විසින් මහනුවර ශ්‍රී දළඳා මාලිගාවට වාර්ෂිකව සිදු කරන මී පැණි පූජාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක් වූ අව්ස්ථාවේ දී මාධ්‍යවේදියෙකු විසින් නැගූ පැනයකට පිළිතුරු දෙමින්. එහි දී ආදිවාසී නායකයා වැඩි දුරටත් කියා සිටියේ, උද්ගත වී ඇති අර්බුදකාරී තත්ත්වයන් හමුවේ ගැටලු ගැටලු කිය කියා නොසිට ඊට විසඳුම් සෙවීමට සියලු දෙනා එක් ව කටයුතු කළ යුතු බවත්, එක් පුද්ගලයෙක් පිට පටවා පමණක් සිටිය නොහැකි බව‍යි. 

 මේ අතර අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ පිළිබඳව මාධ්‍යවේදීන් විමසූ විට එයට පිළිතුරු දෙමින් ආදිවාසී නායකයා කියා සිටියේ, වසන්ත මුදලිගේ තමන්ගේ පරම්පරාවේ අයෙක් නො වන බවත් නමුත් ඔහු තමන්ගේ රැහේ ඥාතියෙකු බවයි.

එසේ ම වසන්ත මුදලිගේගේ ක්‍රියා කලාපය පිළිබඳව වැඩි දුරටත් ආදිවාසී නායකයා කියා සිටියේ, තරුණ කාලයේ දී තරුණයන් එක එක ආකාරයෙන් කටයුතු කරන බවත්, එය ඔහුගේ කැමැත්ත අනුව සිදු කරන දෙයක් බැවින් තමන්ට ඒ ගැන යමක් කීමට කිසිදු අයිතියක් නොමැති බවයි.

ආදිවාසීන්ගේ පුරාණ චාරිත්‍රවලට අනුව ශ්‍රී දළඳා මාළිගාවේ පෙරහැරෙහි පළමු රන්දෝලි පෙරහැර වෙනුවෙන් වාර්ෂිකව මෙම මී පැණි පූජාව සිදු කරන අතර මෙවර රන්දෝලි පෙරහැර වෙනුවෙන් සිදු කරන මී පැණි පූජාව අද(07) පෙරවරුවේ ශ්‍රී දළදා මාළිගාවේ දී සිදු කෙරුණු අතර ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලැත්තන් ඇතුලු පිරිස පිළිගනු ලැබුවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල විසින්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now