ගොවීන්ට නොමිලේ යූරියා මිටියක්.. මුලින්ම ලැබෙන ප්‍රදේශ මෙන්න.

Mahinda Amaraweera Sri Lanka Ministry of Agriculture
By Aruna Apr 21, 2023 06:08 AM GMT
Report

යුරෝපා සංගමය හා එක්සත් ජාතීන්ගේ ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් මෙවර යල කන්නයේ දී ගොවි ජනතාවට ලබා දෙන සහනාධාරයක් වශයෙන් රුපියල් මිලියන 15,000 ක යුරියා පොහොර හා කෘෂි උකරණ කට්ටල කෘෂිකර්ම අමාත්‍යාංශයට නිල වශයෙන් බාර දීම හෙට(22) දිනයේ සිදුකෙරෙනවා.

ඒ, හම්බන්තොට බටඅත කෘෂිකර්ම උද්‍යානයේ දීයි. කෘෂිකර්ම අමාත්‍යංශය සඳහන් කළේ, මේ යටතේ වී වගාවෙන් වැඩි අස්වැන්නක් ලබා ගැනීම සඳහා හඳුන්වා දී ඇති පැරචුට් වී වගා ක්‍රමය ප්‍රවර්ධනය සඳහා අවශ්‍ය පැරචුට් තැටි, හා වැඩි අස්වැන්නක් ලබා ගැනීමට උසස් තත්ත්වයේ බීජ වී ගොවි ජනතාවට ලබා දීමට නියමිත බවයි.

මීට අමතරව පොලොන්නරුව, හම්බන්තොට, බදුල්ල, අම්පාර, මාතලේ, පුත්තලම හා කුරුණෑගල ඇතුලු දිස්ත්‍රික්ක 07ක හෙක්ටෙයාර් භාගයකට වඩා අඩු ඉඩම් ප්‍රමාණයක වී වගා කරන ගොවි පවුල් 71,000කට නොමිලයේ කිලෝ ග්‍රෑම් 50ක යුරියා පොහොර මිටියක් බැගින් ලබා දීම ද සිදුකෙරෙනු ඇති බවයි එම අමාත්‍යංශය වැඩිදුරටත් සඳහන් කළේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now