අද සිට රථ වාහන රියදුරන්ගේ මුත්‍රා සාම්පල ගනී..බොරු කරපු අයට වැඩ වරදී..

Sri Lanka Police Ministry of Health Sri Lanka Electric Vehicle Department of Motor Vehicles
By Aruna May 19, 2023 06:00 AM GMT
Report

බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ නව වැඩසටහනක් අද සිට ආරම්භ කර තිබෙනවා.

මෙහිදී සිදුවන්නේ රියදුරන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂා කර ඔවුන් බීමත්ද නැත්ද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමක් සිදුකිරීමයි.

මෙහිදී බීමත් යැයි සැක සිතන රියදුරන් පොලිස් ස්ථාන වෙත රැගෙන ගොස් ඔවුන්ගේ මුත්‍ර සාම්පල පරීක්ෂාවට ලක් කරනවා.

පොලීසිය පැවසුවේ, එමඟින් මත්පැන් පමණක් නොව මත්ද්‍රව්‍ය භාවිත කර ඇත්ද යන්න පිළිබඳව ද තහවුරු කර ගැනීමට හැකි වන බවයි.

මීට පෙර පරීක්ෂණයේදී මත්පැන් පානය කර ඇත්ද යන්න පමණක් අනාවරණය කර ගැනීම සිදුවූ අතර, නව වැඩපිලිවෙල යටතේ මත්පැන් සහ මත්ද්‍රව්‍ය වර්ග 06 ක් භාවිත කර ඇත්දැයි අනාවරණය කර ගැනීමට හැකි වනවා.

මීට පෙරද රියදුරන්ගේ මුත්‍රා සාම්පල පරීක්ෂා කිරීම සිදුවුණා.

එහෙත් එය සිදුවූයේ වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේයි.

මෙවර එහි විශේෂත්වය වන්නේ අද සිට එම කටයුතු පොලීසියේ සෘජු මැදිහත්වීමෙන් සිදුකිරීමයි.

මෙම නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය උපකරණ කට්ටල මේ වන විට පොලිස් ස්ථාන වෙත ලබාදී තිබෙනවා.

පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ, අද එය ක්‍රියාත්මක වන්නේ නියමු ව්‍යාපෘතියක් ලෙසින් බවයි.

එය පළමුව ආරම්භ වන්නේ බස්නාහිර පළාතෙන් වන අතර පසුව සෙසු පලාත්වලද ක්‍රියාත්මක කෙරේ.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now