වහාම යූරියා මිල අඩු කිරීමට තීරණය කරයි...නව මිල සහ අඩුකරන දිනය මෙන්න.

Mahinda Amaraweera Sri Lanka Politician Economy of Sri Lanka Businessman
By Aruna May 31, 2023 06:52 AM GMT
Report

යූරියා මිල අඩුකිරීමට පියවර ගන්නා බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා.

ඒ අනුව ජූනි 15 වනදා සිට යූරියා කිලෝ 50 මිටියක් රුපියල් 9,000කට ගොවීන්ට ලබාගත හැකි බවයි අමරවීර මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර පසුගිය සතියේ කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසා සිටියේ, ඉදිරි සති දෙක ඇතුළත යූරියා පොහොර රැගත් තවත් නැවක් ශ්‍රී ලංකාවට පැමිණෙන බවයි.

එම යූරියා පොහොරවල මිල රුපියල් 500ක් හෝ ඊට ආසන්න ගණනකින් අඩු වනු ඇති බවයි පසු ගිය සතියේ අමාත්‍යවරයා සඳහන් කළේ.

ආරම්භ වූ යල කන්නයේ වගා කටයුතු කඩිනමින් ආරම්භ කරන ලෙසට ගොවීන්ගෙන් ඉල්ලා සිටින අතර මෙවර තුන්වන කන්නයක් ද ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අමාත්‍යවරයා එහිදී කියා සිටියා.

මෙරටට පැමිණෙන යූරියා නැවෙන් එන පොහොර ගොවීන්ට අඩු මිලට ලබාදෙන අතර බණ්ඩි පොහොර ද තරගකාරී මිලකට ගෙන එන බව කෘෂිකර්ම අමාත්‍යවරයා සඳහන් කළා.

හෙක්ටයාර් භාගයකට වැඩි භූමි ප්‍රමාණයක ගොවිතැන් කරන ගොවීන්ට යූරියා හොන්ඩරයක් නොමිලේ ලබාදෙන අතර එම කටයුතු දැනටමත් ආරම්භ කර ඇතැයි මහින්ද අමරවීර මහතා පැවසීය.

පොහොර මිලදී ගැනීම සඳහා හෙක්ටයාර් දෙකක් ඇති ගොවීන්ට රුපියල් 40000ක් ලබාදෙන අතර ඒ යටතේ සමස්ත ගොවීන්ට හිමිවන මුදල රුපියල් මිලියන 1000කට අධිකය.

සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now