අනවශ්‍ය ලෙස සිරුරේ තැන් පෙන්වමින්, පාරේ යන ප්‍රසිද්ධ ඉන්දීය නිළියට වැඩ වරදී..
ප්‍රසිද්ධ ඉන්දීය නිළියක් වන උර්ෆි ජාවෙඩ්ට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. ඒ භාරතීය ජනතා පක්ෂයේ කාන්තා අංශයේ ප්‍රධාන ක්‍රියාකාරිනියක වන චිත්‍රා කිෂෝර් වාග් විසිනි.
මෙම පැමිණිල්ල, සිනමා නිලි උර්ෆි ජාවෙඩ් තම සිරුරේ අනවශ්‍ය ප්‍රදේශ ප්‍රදර්ශනය කරමින් මුම්බායි හී වීදිවල සැරිසරන බව සඳහන් කරමින් ඊට එරෙහිව වහා පියවර ගන්නා ලෙසයි දන්වමින් ගොනු කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
චිත්‍රා කිෂෝර් වාග් විසින් ඊයේ (01) මෙම පැමිණිල්ල ගොනුකර ඇති අතර, එම පැමිණිල්ල ගොනුකරමින් ඇය පවසා ඇත්තේ උර්ෆි ජාවෙඩ් සිය සිරුර මෙලෙස ප්‍රසිද්ධියේ ප්‍රදර්ශනය කිරීම සමාජ මාධ්‍යයේ ප්‍රසිද්ධ මාතෘකාවක් වී ඇති බව ඇය සඳහන් කර තිබේ.
කීර්තිය ලබා ගැනීම වෙනුවෙන් මෙම නිළිය විසින් ඇගේ ශරීරය ප්‍රදර්ශනය කිරීම කෝපයට කරුණක් බවයි චිත්‍රා කිෂෝර් වාග් වැඩිදුරටත් පවසා ඇත්තේ.
උර්ෆිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කළ පළමු අවස්ථාව මෙය නොවන අතර,මීට පෙර අවස්ථාවක අලි කාෂිෆ් ඛාන් දේශ්මුක් නැමැති නීතිඥවරයා විසින් ද ඇයට එරෙහිව අන්ධේරි පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනු ගොනුකර ඇති බවයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ.
කෙසේ වෙතත් තමන්ට එරෙහිව සිදුකර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් උර්ෆි ජාවෙඩ් තවමත් කිසිඳු ප්‍රතිචාරයක් දක්වා නැහැ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |