අභිරහස් ලෙස මියගිය පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ සිරුරක් සොයාගැනේ..

Kandy Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Feb 26, 2023 03:08 PM GMT
Report

ගම්පොළ, ඇත්ගාල ප්‍රදේශයේ පොලීසිය අසල කැළෑ ප්‍රදේශයක තිබී පිරිමි පුද්ගලයෙකුගේ සහ සුනඛයෙකුගේ මළ සිරුරක් සොයාගෙන තිබේ.

මෙලෙස මියගොස් තිබෙන්නේ, 46 හැවිරිදි ඇත්ගාල ප්‍රදේශයේ කුකුල් මස් නිෂ්පාදන ආයතනයක සේවය කරමින් සිටි පුද්ගලයෙකි.

මළ සිරුර හමූවු කැළෑබද ප්‍රදේශයට ඉහළින් ඇති ඉඩමේ ඇතැම් ස්ථානවල විදුලි රැහැන් ඇද ඇති බවට ද තොරතුරු ලැබී තිබේ. මිය ගිය පුද්ගලයා එම කැළෑ ප්‍රදේශයට ගියේ කුමන හේතුවක් නිසාද යන්න මෙතෙක් අනාවරණය වී නොමැත.

ඔහු එම ප්‍රදේශයට යෑම හේතුවෙන් විදුලිසැර වැදී මිය යන්නට ඇති බවට පොලීසිය සැක පළ කරයි. එම පුද්ගලයාගේ මළ සිරුර අසල සුනඛයා ද මියගොස් සිටි ඇති බව පොලීසිය පවසයි.

 ඇත්ගාල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join Now