යුනයිටඩ් පෙට්‍රෝලියම් මෙහෙයුම ගැන සාකච්ඡා ඇරඹේ..
අද (28) උදෑසන ඔස්ට්‍රේලියාවේ යුනයිටඩ් පෙට්‍රෝලියම් (United Petroleum) සමාගම සහ බලශක්ති අමාත්‍යාංශය අතර සාකච්ඡාවක් පවත්වා තිබේ. දෙපාර්ශ්වයේ නිලධාරීන් අතර මාර්ගගත ක්‍රමය ඔස්සේ එම සාකච්ඡාව පවත්වා ඇත.
අදාල සාකච්ඡාවේදී, මෙරට ඉන්ධන ආනයනය, බෙදාහැරීමේ සහ අලෙවි කිරීමේ ව්‍යාපාර ආරම්භ කිරීමට අවශ්‍ය ව්‍යාපර බලපත්‍ර, ගිවිසුම, රජයේ ප්‍රතිපත්ති, යටිතල පහසුකම්, ගිවිසුම්ගත වන දින වකවානු සහ මෙහෙයුම් කටයුතු ආරම්භ කරන කාලරාමුව පිළිබඳව සාකච්ඡා වී තිබේ.
ඒ අනුව එම සමාගමේ නිලධාරීන් විසින් එළඹෙන සතියේදී මෙරට ව්‍යාපාර ආරම්භ කරන දින වකවානු පිළිබඳව දැනුවත් කරන බවද පවසා ඇත.
මෙම අවස්ථාවට විදුලිබල සහ බලශක්ති අමාත්‍යංශයේ නිලධාරීන්, මුදල් අමාත්‍යංශයේ නිලධාරීන්, ශ්‍රී ලංකා මහ බැංකුව, ආයෝජන මණ්ඩලය, ඛණිජ තෙල් සංස්ථාව සහ ඛණිජ තෙල් තොග ගබඩා පර්යන්තය වෙනුවෙන් නිලධාරීන්ද එක්වී තිබේ.
සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |