රටවල් 193කින් ශ්‍රී ලංකාවට ලෝකයේ ඉහළම තැනක් හිමි වෙයි..රටටම සුබ ආරංචියක්..

Sri Lanka World
By Aruna Jun 04, 2023 12:06 AM GMT
Report

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 78 වැනි සැසිවාරයේ දී සාමාජික රටවල් 193ම එක්ව උප සභාපතිවරයකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තෝරා පත් කරගෙන තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිත්‍ය නියෝජිත තානාපති මොහාන් පීරිස් නියෝජනය කරමින් ශ්‍රී ලංකාව ආසියා පැසිෆික් කලාපය වෙනුවෙන් මෙම වසරේ සැප්තැම්බර් මාසයේ සිට 2024 වසරේ සැප්තැම්බර් මාසය දක්වා මෙම තීරණාත්මක නතුර භාරගනු ඇති.

එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කළේ, බොලිවියාව, කොංගෝව, එස්තෝනියාව, ගැම්බියාව, අයිස්ලන්තය, ඉරානය, මැලේසියාව, නෙදර්ලන්තය, සෙනගාලය, සිංගප්පූරුව, මොරොක්කෝව, සුරිනාම්,ගන්ඩාව, උස්බෙකිස්තානය සහ සංයාව ඇතුළු රටවල් රැසක් අතරින් ශ්‍රී ලංකාව උප සභාපති ධුරයට පත් කරන බවටයි.

අනෙකුන් තේරී පත් වූ මෙම උප සභාපතිවරු චීනය, ප්‍රංශය, රුසියානු සමූහාණ්ඩුව, එක්සත් රාජධානිය සහ එක්සත් ජනපදය යන ආරක්ෂක මණ්ඩලයේ ස්ථීර සාමාජිකයන් පස්දෙනා සමඟ එක්වනු ඇති.

78 වැනි සැසිවාරයේ දී සාමාජික රටවල් 193ම එක්ව උප සභාපතිවරයකු ලෙස ශ්‍රී ලංකාව ඒකමතිකව තෝරා පත් කරගෙන තිබීම විශේෂත්වයක්..


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now