එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකාව ගැන කනස්සල්ලෙන්
සමාජ ක්‍රියාකාරීන් කිහිප දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිතා කිරීම පිළිබඳව යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්‍යාලය කනස්සල්ල පළ කරනවා. අදාල සිද්ධිය සම්බන්ධයෙන් යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්‍යාලය සිය කනස්සල්ල ප්‍රකාශ කරන්නේ ට්විටර් පණිවිඩයක් මගින්.
මේ අතර මෑත කාලීන අත්අඩංගුවට ගැනීම්වල දී ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත (PTA) භාවිතා කිරීම පිළිබඳ වාර්තා පිළිබඳව තමන් කනස්සල්ලට ගනිමින් සිටින බව ද යුරෝපා සංගම් කාර්‍යාලය පවසන අතර ත්‍රස්තවාදය වැළැක්වීමේ පනතෙහි භාවිතය පිළිබඳ සත්‍ය තහනම පිළිබඳ ශ්‍රී ලංකා රජය විසින් ජාත්‍යන්තර ප්‍රජාව වෙත ලබා දී ඇති තොරතුරු සම්බන්ධයෙන් ද තම කාර්‍යාලය අවධානයෙන් සිටින බවයි යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්‍යාලය වැඩිදුරටත් සඳහන් කරන්නේ.
යුරෝපා සංගමයේ ශ්‍රී ලංකා කාර්‍යාලය විසින් මෙම නිවේදනය නිකුත් කරන්නේ පසුගිය 18 වැනි දා අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් සංවිධානය කළ විරෝධතා පාහමනක් අතරතුර දී එහි (අවිශිබම) කැඳවුම්කරු වසන්ත මුදලිගේ, හෂාන් ජීවන්ත සහ පූජ්‍ය ගල්වැව සිරිධම්ම හිමියන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කිරීමත් සමගයි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |