සමකාමී බලය පැවරීමකට සහය දෙන්න..!
ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමීව බලය පැවරීමකට සහයෝගය ලබාදෙන ලෙස සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය පවසයි.
ට්විටර් ගිණුමේ සටහනක් තබමින් මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය මේ බව සඳහන් කර තිබේ. මානව හිමිකම් පිළිබඳ මහකොමසාරිස් කාර්යාලය එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත්තේ සියලු ප්‍රචණ්ඩත්වය හෙළාදකින අතර නීතියේ ආධිපත්‍ය තහවුරු කරන ලෙස සියලු පාර්ශව වලින් ඉල්ලීමක් කරන බවය.
මේ අතර සාමකාමීව කටයුතු කරන ලෙස සියලු පාර්ශවලින් ඉල්ලා සිටින බව ශ්‍රි ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජූලි චන්ග් මහත්මිය පැවසුවාය.
ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් ඇය පෙන්වාදෙන්නේ දිර්ඝ කාලීන ආර්ථික සහ දේශපාලන ස්ථාවරත්වය සදහා කඩිනමින් පියවර ගන්නා ලෙස සියලු පාර්ශවවලට අවධාරණය කරන බවය.
මේ අතර ශ්‍රී ලංකාවේ පවතින අර්බුදයට හේතුව රුසියාව බව යුක්‍රේන ජනාධිපති ව්ලැද්මීර් සෙලෙන්ස්කි ප්‍රකාශ කර තිබේ. යුක්‍රේන ජනාධිපතිවරයා පෙන්වාදෙන්නේ ආහාර සහ අනෙකුත් කෘෂිකාර්මික නිෂ්පාදන අවහිර කිරීම ලොවපුරා නොසන්සුන්තාවක් ඇති කිරීමට හේතු වී ඇති බවය.
සෝල්හි පැවති ආසියානු නායකත්ව සමුළුව අමතමින් යුක්‍රේන ජනාධිපති සෙලෙන්ස්කි පෙන්වාදෙන්නේ යුක්‍රේනය ආක්‍රමණය කිරිමේ දී රුසියාව භාවිත කර ඇති එක් උපක්‍රමයක් නම් ආර්ථික කම්පනයක් ඇති කිරීම බවය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |