එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් විශේෂ නිවේදනයක්..!
United Nations
Sri Lanka
Sri Lankan political crisis
Sri Lanka Anti-Govt Protest
By Sewvandhi
ප්‍රචණ්ඩත්වයෙන් වැළකී සාමකාමී බලය පැවරීමකට සහයෝගය ලබා දෙන ලෙස එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටිනවා.
නීතියේ ආධිපත්‍යයට ගරු කරමින් සියලු පාර්ශ්ව සම්බන්ධ වූ පුළුල් ක්‍රියාවලියක් ඒ සඳහා අවශ්‍ය බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය ප්‍රකාශ කළේය.
හමුදාව ඇතුළු ආරක්ෂක අංශ මානව අයිතිවාසිකමවලට ගරු කළ යුතු අතර සංයමයෙන් කටයුතු කළ යුතු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
එසේම සියලු නායකයින් ජීවත්වීමේ අයිතියට සහ දේපළවලට ගරු කළ යුතු බව මහ කොමසාරිස් කාර්යාලය සඳහන් කළේය.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... |