රැඳවුම් නියෝගයට අත්සන් කරන්න එපා..! - එක්සත් ජාතීන්ගේ විශේෂිත නියෝජිත ජනපතිට දැනුම්දෙයි

United Nations Ranil Wickremesinghe Sri Lanka SL Protest
By Sewvandhi Aug 21, 2022 01:40 PM GMT
Report

මානව හිමිකම් ආරක්ෂකයින් වන වසන්ත මුදලිගේ, හශාන්ත ජීවන්ත ගුණතිලක සහ ගල්වැව සිරිධම්ම හිමියන් ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන තිබීම සම්බන්ධයෙන් තමන් දැඩි කනස්සල්ලට පත්ව සිටින බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් ආරක්ෂකයින් පිළිබඳ විශේෂ නියෝජිත මේරි ලෝලර් ට්වීට් කර තිබේ.

ඔවුන්ගේ රැඳවුම් නියෝගවලට අත්සන් නොකරන ලෙස ඇය ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් ඉල්ලා සිටියාය. එසේ කිරීම ශ්‍රී ලංකාවට අඳුරු දිනයක් වනු ඇතැයි ඇය වැඩිදුරටත් සදහන් කළා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery