යුරෝපීය රටවල් රැසක් යුක්‍රේනයට දුන් පොරොන්දුව..

Russo-Ukrainian War Ukraine
By krishani Jan 20, 2023 09:27 AM GMT
Report

යුක්‍රේනයට තවදුරටත් ආයුධ යැවීමට ජනාධිපති Volodymyr Zelensky කළ ඉල්ලීමට තවත් රටවල් ප්‍රතිචාර දක්වා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඒ අනුව සන්නද්ධ වාහන සහ ගුවන් ආරක්ෂක පද්ධති ඇතුළුව ඩොලර් බිලියන 2.5ක් වටිනා ආයුධ තොගයක් එවන බව එක්සත් ජනපදය පවසා ඇත.

කෙසේවෙතත් තවත් යුරෝපීය රටවල් කිහිපයක් ඔවුන්ගේ නව අවි ආධාර ලබා දීමට පොරොන්දු වී ඇත.

එක්සත් රාජධානිය විසින් Kyiv වෙත මිසයිල රැසක් ලබා දෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

කෙසේවෙතත් එක්සත් රාජධානිය, පෝලන්තය, ලැට්වියාව, ලිතුවේනියාව, ඩෙන්මාර්කය, චෙක් ජනරජය, එස්තෝනියාව, නෙදර්ලන්තය සහ ස්ලෝවැකියාව වැනි රටවල් නවයක් වැඩි සහයෝගයක් ලබා දීමට පොරොන්දු වී ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join