මෝරුන්ගේ ප්‍රහාරවලින් කාන්තාවන් දෙදෙනෙක් ජීවිතක්ෂයට

By Sithumi Jul 04, 2022 03:17 PM GMT
Report

රතු මුහුදේ දියනෑමට ගිය කාන්තාවන් දෙදෙනෙකු මෝරුන්ගේ ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඊජිප්තු බලධාරීහු පවසනවා

60 හැවිරිදි ඔස්ට්‍රියානු කාන්තාවක් ඇඟේ තුවාල හේතුවෙන් පසුගිය සිකුරාදා මිය ගිය බව එරට බලධාරීන් නිවේදනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එමෙන්ම අවුරුදු 40ක රුමේනියානු කාන්තාවක්ද මේ වන විට මිය ගොස් තිබෙනවා.

මෙම සිදුවීම් සිදුව ඇත්තේ ප්‍රධාන සංචාරක නිකේතනයක් වන හුර්ගාඩා ප්‍රදේශයේ වන අතර එම ප්‍රදේශයේ වෙරළ තීර කිහිපයක්ද වසා දමා ඇති බව සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now