ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනෙක් අත්අඩංගුවට

Sri Lanka Police University of Kelaniya Sri Lanka
By Sewvandhi Jan 02, 2023 09:42 AM GMT
Report

තලංගම පොලිසිය විසින්, කැලණිය විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපතිවරයා සහ එහි තවත් නියෝජිතවරයෙක් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වනවා.

ඔවුන් දෙදෙනා තලංගම පොලීසියට පැමිණීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

නීතිඥ නුවන් බෝපගේ මහතා පැවසුවේ එම ශිෂ්‍ය සංගම් නායකයින් දෙදෙනාට පසුගිය ජුලි 10 වනදා අධ්‍යාපන අමාත්‍යංශය අසල පැවති උද්ඝෝෂණයක් අතරතුරදී එහි ගේට්ටුවකට හානි කළ බවට පොදු දේපළ පනත යටතේ චෝදනා කර ඇති බවය.

එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ශිෂ්‍ය සංගමයේ සභාපති කැලුම් මුදන්නායක සහ ශිෂ්‍ය සංගම් නියෝජිතයෙක් වන ඩිල්ශාන් හර්ෂණ යන දෙදෙනාය.

මේ වනවිට ඔවුන් දෙදෙනාගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවත් හෙට ඔවුන්ව කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමට නියමිත බවත් නීතිඥවරයා පැවසීය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now