මැණික් ගල් සහිත චෛත්‍යක් සමඟ සැකකරුවන් දෙදෙනෙක් අල්ලයි.

Sri Lanka Police
By Wayomi Jan 10, 2023 11:00 AM GMT
Report

මැණික් ගල් සහිත චෛත්‍යයක් සමඟ සැක පිට පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරුවන් පස්වැල්ල සහ කෝනගල යන ප්‍රදේශ වල පදිංචිකරුවන් බව සඳහන්.

ඊයේ වේයන්ගොඩ යටගම ප්‍රදේශයේ දී මෙම වැටලීම සිදු කර ඇත්තේ පොලිස් විශේෂ කාර්ය බලකායට ලැබුණු තොරතුරකට අනුවයි.

එම මැණික් ගල් ඔබ්බ වන ලද චෛත්‍යය රුපියල් කෝටි 100 ක මුදලකට විකිණීමට සූදානම් කර තිබූ බවයි වාර්තා වන්නේ.

මැණික් ගල් සහිත චෛත්‍යය නිධානයකින් ගත් බව ද සඳහන්.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW