මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙක් අත්අඩංගුවට - ඔවුන් සන්තකයේ තිබී හමු වූ දේ..

Sri Lanka Police Sri Lanka
By krishani Jan 13, 2023 01:05 AM GMT
Report

මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමට තැත්කළ පුද්ගලයින් දෙදෙනෙක් පිස්තෝලයක් සමග ඇල්පිටිය ප්‍රදේශයේ දී ඊයේ (12) උදෑසන පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයට ලද තොරතුරක් මත  අත්අඩංගුවට ගෙන ඇත.

අවුරුදු 30 හා 39 වයස්වල පසුවන ඇල්පිටිය ප්‍රදේශයේ පදිංකරුවන් දෙදෙනෙක් එසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මෙම සැකකරුවන් 2022 ජනවාරි මාසයේ 23 වනදා ඇල්පිටිය, යක්කඩුව ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩිතබා තුවාල සිදුකර යතුරුපැදියකින් පළාගොස් ඇති අතර එක් සැකකරුවෙකු සන්තකයේ තිබී වෙඩිතැබීම සඳහා භාවිතාකළ පිස්තෝලය, පතරොම් 4ක් සහිත ගැබක්, සහ ජංගම දුරකථන 03ක් පොලිස් භාරයට ගෙන ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join