ගුවනේ දී හෙලිකොප්ටර් යානා දෙකක් එකිනෙක ගැටෙයි..

By krishani Jan 02, 2023 09:11 AM GMT
Report

ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් ආසන්න උඩු ගුවනේ දී හෙලිකොප්ටර් යානා දෙකක් ගැටීමෙන් අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඉන් සිව්දෙනෙක් මියගොස් තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇති අතර ගෝල්ඩ් කෝස්ට් හි ප්‍රධාන වෙරළ ආසන්නයේ පිහිටි වැලි තලාවක් මතට එම යානාවල සුන්බුන් වැටී ඇත.

අද (02) දහවල් දෙකට පමණ එම අනතුර සිදුව ඇති අතර අනතුර සිදුවන අවස්ථාවේ යානා දෙකෙහි 13දෙනෙක් පමණ ගමන් කර ඇත.

ඉන් 4දෙනෙක් මියගොස් ඇති අතර තවත් තිදෙනෙක් බරපතළ තුවාල ලබා ඇත.6දෙනෙක් ට සුළු තුවාල සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join