අභිරහස් ලෙස මියගිය තරුණියකගේ සහ තරුණයෙකුගේ සිරුරු සංචාරක හෝටලයකින් සොයාගැනේ..

Sri Lanka Sri Lanka Police Investigation
By Sewvandhi Jan 23, 2023 01:17 PM GMT
Report

අභිරහස් ලෙස මියගොස් සිටි තරුණියකගේ සහ තරුණයෙකුගේ මළ සිරුරු දෙකක් තංගල්ල සංචාරක හෝටලයකදී  සොයාගෙන තිබේ. ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන සියදිවි හානිකරගන්නට ඇති බවට පොලීසිය සැකපළකරයි.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ එම හෝටලයේම සේවයේ නිරතව සිටි තරුණයෙකු සහ අම්බලන්තොට ප්‍රදේශයේ පදිංචිව සිටි තරුණියකි.

ඔවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධයක් තිබෙන්නට ඇතැයි සැකපළකරයි. අදාළ තරුණයා කුඩා කළ සිට හෝටලයේ හැදී වැඩී ඇති අතර අනතුරුව මේ වනවිට ඔහු එම හෝටලය බලාකියාගෙන එහි සිට ඇත.

ඊයේ රාත්‍රියේ අදාළ තරුණයා අම්බලන්තොට ප්‍රදේශයට ත්‍රිරෝද රථයකින් ගොස් මියගොස් ඇති තරුණියද එම හෝටලය වෙත රැගෙනවිත් ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

අනතුරුව ඊයේ රාත්‍රියේ ඔවුන් දෙදෙනා ගෙළවැලලාගෙන සියදිවි හානිකරගෙන ඇති බවට සැකපළකරයි. තංගල්ල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now