ගුවන් යානයකින් මළ සිරුරු දෙකක් හමුවෙයි.

By Wayomi Jan 09, 2023 06:33 AM GMT
Report

කොළොම්බියාවේ බොහොටාහි ගොඩ බැස්සූ ගුවන් යානයක තිබී මළ සිරුරු දෙකක් හමු වී තිබෙනවා.

එම ගුවන් යානයේ රෝද අඩංගු කුටීරය තුළ මෙම මළ සිරුරු තිබී ඇති අතර ඔවුන්ගේ වයස් අවුරුදු 15 ක් සහ 20 ක් පමණ වන්නට ඇති බවයි වාර්තා වන්නේ.

එලෙස මියගොස් සිටි දෙදෙනා සතුව තිබූ ඩොමිනිකන් රාජ්‍යයේ මුදල් නෝට්ටු කිහිපයක්ද හමුවී තිබෙනවා.

බොහෝ විට නීති විරෝධී ලෙස වෙනත් රටවලට සංක්‍රමණය වීමට උත්සාහ කරන ඇතැම් පිරිස් ගුවන් යානාවල රෝද කුටීර තුළ සැඟවී ගමන් කිරීමට උත්සාහ කරනු ලබනවා.

ගුවන් යානය පොළොවේ සිට අඩි දස දහස් ගණනක් ඉහළින් ගමන් කිරීමේ දී හට ගන්නා ශීතල සහ ඇති වන පීඩන වෙනස්කම් නිසා මෙලෙස මරණයට පත් වෙනවා. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 

JOIN NOW