රිය අනතුරු දෙකකින් දෙදෙනෙක් ජිවිතක්ෂයට..

Sri Lanka Police Accident
By krishani Dec 30, 2022 09:02 AM GMT
Report

කොළඹ - මහනුවර මාර්ගයේ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ දී අනතුරක් සිදු විය.

මහනුවර සිට මාවනැල්ල දෙසට ධාවනය වූ බස් රථයක් ත්‍රි රෝද රථයක් ඉස්සර කිරීමට යාමේ දී ත්‍රි රෝද රථයේ පිටුපස ගැටී මෙම අනතුර සිදුව ඇත්තේ.

අනතුරින් ත්‍රි රෝද රථ රියදුරු බිමට වැටි බස් රථයේ රෝදයට යට වී ජිවිතක්ෂයට පත්ව ඇති අතර මිය ගිය පුද්ගලයා 48 හැවිරිදි ගල්බොක්ක - අරණායක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වේ.

එමෙන්ම මන්නාරම පොලිස් වසමේ මැදවච්චිය - තලෙයි මන්නාරම මාර්ගයේ තාරපුරම් ප්‍රදේශයේ දී තවත් අනතුරක් සිදුව ඇත.

ඒ පොලිස් රථයක් යතුරු පැදියක ගැටී සිදු වූ අනතුරකී.

එම අනතුරෙන් යතුරු පැදිකරු බරපතල ලබා තුවාල ලබා මන්නාරම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් ඇත.

මිය ගිය පුද්ගලයා වයස අවුරුදු 31ක පුද්ගලයෙක් බව පොලිසිය පවසයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join