ලොවක් පුදුම කරමින්, වසර 30ක් පැරණි කළලයකින් නිවුන් දරු උපතක්..(VIDEO)

United States of America
By Sewvandhi Nov 23, 2022 10:30 AM GMT
Report

දිනෙන් දින ලෝකයේ සිදුකෙරෙන නව සොයාගැනීම් අතරේ ලෝකය පුදුම කරවූ සුවිශේෂී සිදුවීමක් සම්බන්ධයෙන් පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. මෙලෙස විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ නිවුන් දරු උපතක් සම්බන්ධයෙනි. මෙහිදී සිදුව ඇති විශේෂත්වය වන්නේ වසර 30ක් තිස්සේ එම කලලය සංරක්ෂණය කර තිබීමයි.

වැඩිදුරටත් එම වාර්තා පෙන්වාදෙන්නේ වසර 30ක කාලයක් එම කලලය අධික ශීතලක සංරක්ෂණය කර තිබූ බවය. එම වාර්තාවල සඳහන් වන්නේ සෙල්සියස් අංශක සෘණ 128 ක දැඩි ශීතලක් යටතේ මෙම කලලය සංරක්ෂණය කර ඇති බවය. මෙම සුවිශේෂී දරු උපත ගැන වාර්තා වන්නේ අමෙරිකාවෙනි. 

 විවාහක යුවළවිසින් පරිත්‍යාග කර ඇති ඩිම්බ සහ ශුක්‍රාණු යොදාගෙන එම කලලය සංසේචනය කර තිබුණි. අනතුරුව දියර නයිට්‍රජන් මත මෙම කළලය ගබඩා කර ඇත්තේ 1992 වසරේ අප්‍රේල් මස 22වැනිදාය.

රැචෙල් රිජ්වේ නම් සිවුදරු මවක විසින් අනතුරුව එම කළලය භාවිත කරමින් මෙම නිවුන් දරුවන් බිහිකර ඇත. විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කර ඇත්තේ පසුගිය ඔක්තෝම්බර් මස 31 වනදා මෙම නිවුන් දරුවන් බිහිකර ඇති බවය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now